latest articles

තරබාරුකම මට්ටු කරන්න සරල ටිප්ස් පහක් මෙන්න​

තරබාරුකම කියන්නේ කාගේත් හිතට වද දෙන කරදරයක්. සමහර විට මේ වෙනකොටත් බර අඩුකරගන්න විවිධ දේවල් කරලාම ඔබ විඩාවට පත්වෙලා වෙන්න ඇතියි. ඉතින් අපි අද මේ ලිපියෙන් ඔයාව දැනුවත් කරන්න සුදානම් වෙන්නේ ඔයාට කරදරයක් වෙලා තියෙන තරබාරුකම මට්ටු කරන්න සරල ටිප්ස් 5ක් ගැනයි.

ආහාර රටාව

දවස තිස්සේ මහන්සි වෙන ඔබට රාත්‍රියට වැඩි වෙහෙසක් වගේම වැඩි බඩගින්නකුත් දැනේවි. නමුත් රාත්‍රීයට සුළු ආහාර වේලක් ගන්න පුරුදු වෙන්න. ඒ වගේම උදෑසන ආහාර වේල ප්‍රමාණයෙන් මෙන්ම ගුණයෙන්ද වැඩි කරගන්න. දහවල් ආහාරයටද ඉතාමත් සුළු ආහාර වේලක් ලබාගන්න. මෙය දීර්ඝ කලක් පුහුණු කිරීමෙන් ඔබට නොදැනීම ඔබේ තරබාරුකම අඩු කරගන්න පුළුවන් වේවි.

මහන්සි වී වැඩ කරන්න

හුඟ දෙනෙක් මහන්සි වී වැඩ කරන්න කැමති නැහැ. විශේෂයෙන්ම නව තරුණ පරපුර. පයින් ඇවිදින එක , ව්‍යායාම කරන එක පුරුද්දක් වශයෙන් කරන්න. ඒ වගේම ඔබේ නිවසේ මහන්සි වී කරන්නට හැකි සෑම වැඩක්ම ඔබ කැමැත්තෙන්ම කරන්න. වෙනත් අයෙකු ලවා කරනවාට වඩා ඔබට එසේ කිරීමෙන් යහපත් ශරීර සෞඛ්‍යයකට හිමිකම් කිව හැකිවෙනවා වගේම මුල්‍ය වශයෙන්ද වාසි ලබාගත හැකිවෙනවා.

කෑමවල සුවඳ බලන්න

මෙය බොහොම අනුවණ ක්‍රියාවක් විදියට ඔබට හිතෙන්න පුළුවන්. නමුත් ඔබේ බර අඩු කරගන්නට මෙය කදිම පිළියමක් වේවි. මෙයට ඔබට කරන්න තියෙන්නේ ඔබට කෑමට ගන්න හිතෙන ඇපල් ගෙඩියක් එහෙමත් නැත්නම් දොඩම් ගෙඩියක් අරන් එහි සුවඳ බලන්න.  වෛද්‍ය මතය අනුව එවිට ඔබේ මොළයට ඔබ එම ආහාරය ගත් බවට පණිවිඩයක් යනවා. මෙමඟින් එය ආහාරයට නොගෙනම ඔබේ බඩ පිරෙන නිසා ඔබට බර අඩු කරගන්න හොඳ පහසු ක්‍රමයක් වේවි.

කණ්නාඩියක්  ඉස්සරහ ඉඳන් කන්න

මේක හොඳ විසඳුමක්. ඔයා ආහාර ගන්න තැන කණ්නාඩියක් සවි කරගැනීමෙන් ඔයා කෑම කනකොට ඔයාගේ තරබාරුකම ඔයාටම පේනවනේ. එතකොට ඔයා ඔයාගේ ලස්සන ගැන හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කෑම පාලනය කරන්න පෙළඹෙනවා.

තද ඇඳුම් අඳින්න

හුඟක් වෙලාවට තරබාරු අය කරන්නේ ඇඟ වැහෙන්න ලොකු ඇඳුම් අඳින එක. එය ඔබට ලැබෙන තාවකාලික විසඳුමක් විතරයි. ඔබේ තරබාරුකම ගැන ඔබ පිළිගත යුතුයි. හිත රවටාගත යුතු නැහැ. ඔබ ශරීරයට තද ඇඳුම් තෝරා ගන්න. එවිට එහි ඇති අවලස්සන නිසාම ඔබ ශරීරය ලස්සන කරගන්න මහන්සිවේවි. ඒ වගේම මෙවැනි ඇඳුම් ඇඳන් කොහේ ගියත් පමණට වඩා ආහාර ගන්න ඔබට හිතෙන එකක් නැහැ.