Uncategorized

තනිකඩයන් කසාඳ නොබැඳ ඉන්න හේතු වෙන කාරණා 5ක්

විවාහය කියන්නෙ‌ තමුන් එක්ක සමානව අයිතිවාසිකම් බෙදාගන්නා තවත් කෙනෙක් එක්ක ජීවිතයක් ගෙවන්න සිද්ද වෙන එකයි. මේක තනිකඩ අය මහා වගකීමක් විදියට නොගත්තත් විවාහ වෙලා ටික කාලයක් දිවි ගෙවපු පිරිමි අය නම් මේ කතාවෙ තේරුම හොඳට දන්නවා. එනිසා විවාහයට කලින් හොඳට හිතන්න ඕන කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. කොහොම වුනත් විවාහ වුන යාළුවොන්ගෙ ජීවිතවලින් අහන්න දකින්න ලැබෙන විදියට තනිකඩ අය කසාද නොබැඳ ඉන්න හොඳ හේතු ටිකක් හොයා ගෙන තියෙනවා.

1.සල්ලි ප්‍රශ්න​

කොල්ලෙක් හොඳ රස්සාවක් කරලා හොඳට සල්ලි හම්බුකරන්න පටන් අරන් ගත්තම වටේ ඉන්න විවාහ වුන අය  කසාද බඳින්න ඕන කියන අදහස  දාන්න පටන් ගන්නවා. හැබැයි මෙතනදි සල්ලි කියන දේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒකට හේතුව තමයි හැමදාම සති අන්තෙම හොඳට වියදම් කරල කාපු බීපු කොල්ලෝ විවාහ වුනාම මාසෙට කන්නම ගිය වියදම ගැන කියල දුක් වෙනවා. ඒ වගේම උත්සව අවස්ථාවක් ආවොත් බිරිඳට සැලෝන් යන්න​, සාරි ගන්න වගේ වියදම් ආවමත් කසාද බඳින්නෙ මොකටද කියලා හිතෙනවා.

2.තමන් කැමැති වෙලාවටම බෑ

විවාහයෙන් පස්සේ දෙන්නට නිතරම ආදරෙන් කාලය ගත කරන්න පුළුවන් වුනාට සමහර දවස් වලට දෙන්නට එකට ඉන්න බැරි වෙනවා. ‘අද ඔලුව රිදෙනවා. අද මට පීරියඩ්ස්. හෙට උදේම ඇහැරෙන්න ඕන. ඊයෙත් කරා නේද? ඔයාට අසනීපයක්ද? මම මැරෙයි වගේ’ ප්‍රකාශ නිසා එහෙම ඔයාට ඕන වෙලේට එකතු වෙන්න බෑ. ඒක කරන්න වෙන්නෙ එයාලට කැමති වෙලේටම තමයි. එතකොට ඉතිං හිතෙනවා මොකටද කසාද බඳින්නෙ කියලා.

3.අවසර ගැනීම්

තනිකඩව ඉන්න කාලේ යාළුවෝ එක්ක බොන්න යන්න ඕන වුනාම බලන්නේ සල්ලි තියෙනවද?, ඔෆිස් එකේ අතපහු වුනු වැඩ තියෙනවද?, හදිස්සියෙවත් හෙට නැගිටගන්න බැරි වුනොත් හෙට නිවාඩුවක් ගන්න පුළුවන් ද​? වගේ දේවල්. නමුත් විවාහ වුනාම යාළුවෝ බොමුද අහපු ගමන්  කල්පනා කරන්නෙ බිරිඳගෙන් අවසර ගන්න විදියක් ගැන​. අවසර අරන් ආවත් ගෙදර ගියපු වෙලේ ඉදන් රණ්ඩු තමයි. ඉතිං විවාහ වෙන එක එපා වෙන එක සාධාරණයි.

4.තනි තීරණ බෑ

තනිකඩ කාලේ තනි තීරණ වලට වැඩ කරාට විවාහ වුනාම කැමති වෙලාවට ගිහින් කැමති කෑමක් තනියම කන්න බෑ. කම්මැලිනං කොල්ලො එක්ක ට්‍රිප් එකක් යන්න බෑ. බඩගිනියි මොනවහරි කමුද කියලා බිරිඳගෙන් ඇහුවොත් මේ හදිස්සියෙ මට බෑ කියනවා. කඩෙන් ගේන්නද ඇහුවොත් පොඩි දෙයක් ගේන්න කියනවා. ඊට පස්සේ ඒ ගේන දේට මම මේවට කැමති නෑ කියනවා. වෙලාසන නිදිමතයි කිවුවොත් ඔෆිස් එකේ ඔච්චර මහන්සි වෙන්නෙ? ඔච්චර මහන්සි වෙන්න බැරිනං වෙනිං රස්සාවක් හොයාගන්න වගේ කතා කියනවා. ඉතින් මේවා අහන්න මොකටද කසාද බඳින්නෙ කියලා හිතෙනවා.

5.වහල්කම

ඉස්සර නිදහස් කුරුල්ලො වගේ හිටියට විවාහ වුනාම එහෙම බැහැ. ටීවී බලද්දි සද්දෙන් අහන්න බෑ. ක්‍රිකට් මැච් වෙනුවට එයා එක්ක ෆිල්ම් බලන්න වෙනවා. මැච් එකක් බැලුවත් ‘ඔයාට මට වඩා මැච් එකද ලොකුයි.’ වගේ කතා අහන්න වෙනවා. ඒ වගේම මොනව හරි පොඩි දෙයක් කනකොට එයාටත් කවන්න ඕන​. ඕවා ලොකු දේවල් නොවුනත් ඔය වගේ පුංචි දේවල්වල ඉඳන්ම වහලෙක් වගේ වැඩ කරන්න සිද්ධ