කසාද බදිනවා කියන්නෙ ජීවිතේ ඉදිරිය ගැන අපි ගන්න ලොකුම තීරණය. හරි කෙනෙක් ලැබුනොත් ජීවිතේ මල් වගේ තමයි වැරදි කෙනෙක් ලැබුනොත් ජීවිතේම ඉවරයි. ඉතින් විවාහ වෙන්න සුදානමින් පෙම්වතියක් ඇසුරු කරනව නම් ඇයට මේ ලක්ශණ තියනව ද කියල හොදින් බලන්න. බදින්න කලින් තේරුනේ නෑ කියල ගොඩාක් අය කිව්වත් බදින්න කලින් පේන අඩුපාඩු ඉදිරියේ අන්ධ වෙලා ඉදීම තමයි බොහෝ අයට සිදු වෙලා තියන්නෙ.
කොයිවෙලේත් මූණ එල්ලං ඉන්න කෙල්ලො

සැමදෙයක්ම 100% ක් සර්ව සම්පූර්ණ වෙන්න ඕනි කියල බලාපොරොත්තු වෙන සහකාරියක් එක්ක මැරෙනකම් ජීවත් වෙන එක ලොකු දඩුවමක්. කොයි දේ කරන්න ගියත් මදිපාඩු අඩුපාඩු කිය කිය කෙදිරි ගාන, නිතරම නැති දෙයක් අඩු දෙයක් ගැනම පැමිණිලි කර කර බුම්මන් ඉන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ජීවිතේ විදින්න නම් කවදාවත් වෙන්නෙ නෑ. ඔබෙන් ලැබෙන කිසිම දේකින් ඇය සෑහීමකට පත් වෙන්නෙ නෑ.
අප්ඩේට් නැති

විවාහයට යුවතියක් තෝරා ගන්නව කියන්නේ එතනදි ඔබ තෝරා ගන්නේ බිරිදක් පමනක් නෙවෙයි . ඔබේ දරුවන්ගේ අම්මා වීමට සුදුසුකම් තියන කෙනාවත් ඔබ ඒ සමගම තෝරා ගන්නව . ඉතින් කිසිම දෙයක් ගැන දැනුමක් නැති , මූලික ජීවන නිපුනතා ගැන අවබෝධයක් නැති , කිසිදු ශිල්පයක් නොදන්නා, දැනුම සොයා යාමට අකමැති කෙනෙක් කීයටවත් ඔබේ දරුවන්ගේ මව වීමට සුදුසු නෑ. ඇය රැකියාවක් කලත් නොකලත් දැනුම සොයා යන කෙනෙක් වීම අනිවාර්යයෙන් විය යුතුයි.
පෙට්ටි කඩෙන් කන කෙල්ලෙක් ද?
හොයාගන්න ෆයිව් ස්ටාර් හොටෙල් වලින් නොකන පෙට්ටි කඩේකින් කන කෙල්ලෙක් කියල සමාජ මාධ්‍ය වල පෝස්ට් ශෙයා වෙනව ඔබ දැක ඇති. ඇත්තෙන්ම ඒක වැරදි ආකල්පයක් . ෆයිව් ස්ටාර් හොටෙල් එකකට උනත් පෙට්ටි කඩේකට උනත් කොයි තැනට උනත් යන්න උනොත් ඒ තැනට ගැලපෙන විදියට හැසිරෙන්න පුළුවන් කෙල්ලෙක් ඔයාගෙ ජීවිතේට හොඳ පන්නරයක් වෙයි. මේකෙන් කියන්නේ ජීවිතේට උදා වන ඕනිම තත්වයකට මුහුණ දෙන්න පුළුවන් කෙල්ලෙක් හොයාගන්න කියන එක කියල ඔබට පැහැදිලි වෙයි.
ඔබේ සිහින ඇගේ සිහින

මේ වෙද්දි ගැහැණු පිරිමි දෙපාර්ශවයම තමන්ගෙ ජීවිත වල අධ්‍යාපන , වෘත්තීය , සිහින හඹා යනවා. ඉස්සර වගේ සැමියාගේ සිහින පමණක් ඉටු කරගෙන තමන්ගෙ සිහින මරා දාන්න බොහෝ යුවතියන් සූදානම් නෑ . ඇයට ඔබේ සිහිනයට උදව් කරන්න බැරි වෙන්න පුළුවන් .ඇය වෙනම සිහිනයක් දකිමින් ඒ සිහිනය ඉටු කරගන්න වෙහෙසෙනව වෙන්න පුළුවන් .ඒක කිසිම ගැටලුවක් නෑ . නමුත් ඇය ඔබේ සිහින අවතක්සේරු කරමින් හාස්‍යට ලක් කරමින් හැසිරෙනව නම් එබදු යුවතියක් සමග දිවිය එතරම් සුන්දර වන්නෙ නෑ.
මම ඕනි දේ

විවාහයකදි කිසිම කෙනෙක් ඉවසන්න දුක් විදින්න අවශ්‍ය නෑ. ඒත් ඇතැම් අවස්ථා වල හැමදේම අපේ සිතුවිලි වලට 100% ක් ගැලපෙන විදියට වෙන්නෙත් නෑ. බහුතරයක් තරුණියන් කිසිදු නම්‍යශීලී බවක් නැතුව හැසිරීම නිසා බොහෝ සැමියන් පීඩාවට පත් වෙනව. ඒවගේ විශාල සහ දරුණු ඊගෝ එකක් නඩත්තු කරන කෙනෙක් එක්ක ජීවිත් වීම හරි පීඩාවක්.
ස්වාධීන නැති බිරිදක්

ඉස්සර කාලෙදි නම් ගෙදර වෙලා සැමියා නැන්දම්මා මාමන්ඩි නෑනල ඔක්කොටම ඔලුව නවාගෙන කුස්සියට වෙලා කාලේ ගෙවන කෙනෙක් බිරිද කර ගන්න පිරිමි කැමති උනත් මේ වෙද්දි ලෝකෙ යන රටාව එක්ක ජීවිතේ දියුණුවට කැමති පිරිමි සොයන්නේ ස්වාධීන කාන්තාවක්. ආර්ථික අතින් සමාජීය අතින් ස්වාධීන ශක්තිමත් බිරිදක් ඔබේ දියුණුව වේගවත් කරනව සහ ස්ථාවර කරනවා. ස්වාධීන බවක් නැති තීරණ ගන්න බැරි කෙනෙක් ජීවිතේට ගන්න එක දියුණුව අඩාල කරන තීරණයක්.
සැක කරන කෙනෙක් නම් එපා

බොහෝ කාන්තාවන් තමන්ගෙ සැමියා සැක කරනව. සැකය මානසික රෝගයක්. ජීවත අපායවල් කරලා ආදරේ එපා කරන්න සැකයට පුළුවන්. විවාහ උනාම සැක නොකර ඉදී කියල හිතුවත් කාර්යාල තුලට හොරෙන් කඩා පනින, සැමියා ඇසුරු කරන අය ඉදිරියේ සැමියා ලැජ්ජා කරන්න පවා මේ සැක කරන බිරින්දෑවරු පසුබට වෙන්නෑ.
මගේ විදිය නෙවෙයි

විවාහයක පැවැත්ම මූලිකවම රදා පවතින්නේ ඔබ දෙපලගේ අඹුසැමි සබදතාව මත. බොහෝ දික්කසාද වලට හේතුවත් දෙදෙනාගේ ලිං -ගික හැගීම් නොගැලපීම. ඒ නිසා විවාහයට පෙර අනිවාර්යයෙන් දෙදෙනාගේම සිතුවිලි හැගීම් ගැලපෙනවද කියල නොබැලුවොත් හරි නීරස ජීවිතයක් තමයි ඔබට ලැබෙන්නේ.