latest articles

කුරුලෑ කැළැල් මකාලන්න්නට භාවිතා කරන්නට නිවසේදීම කල හැකි පිළියම් 5ක්

සමේ ඇති වන කුරුලෑ කැළැල් නිසා දහසකුත් දෙනා සිතින් පිඩා විඳිනවා. පැහැපත් සුමුදු සමකට අකමැති කිසිවෙක් නැහැනේ? දිගු කලක් තිස්සේ පවතින දරුණු කුරුලෑ කැළැල් මකාලීම තවත් දුෂ්කර වනවා.

රෝම කුප වල ඇතිවන ප්‍රදාහික තත්වය නිසා කුරුලෑ හට ගන්නවා. මේවා පුපුරුවන්නටත් කඩන්නටත් ඔබ පුරුදු වී ඇත්නම් එය සුදුසු ක්‍රියාවක් නොවේ. එම පුරුද්දෙන් ඔබ අත් මිදිය යුතුයි. මෙමගින් වඩාත් තද පැහැති ලප කැළැල් ඉතිරි වන අතර ඒවා ඉවත් කිරීම වඩාත් අපහසු වනවා.

ඉතින් මේ ඉදිරිපත් කරන්නේ ඉතාම කාර්යක්ෂම ලෙස කුරුලෑ කැළැල් මකාලන්න්නට භාවිතා කරන්නට නිවසේදීම කල හැකි පිළියම් 5ක්:

මි පැණි ප්‍රතිකාරය

මි පැණි කුරුලෑ ලප සඳහා කදිම පිලියමක් බවට ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. මී පැණි යනු ප්‍රබල ප්‍රතිජීවක, විෂබීජනාශක හා ප්‍රතිඝතිදාරක නියෝජිතයෙකි. රාත්‍රි නින්දට කලින් මිපැණි බිඳුව බැගින් ගෙන කුරුලෑ කැළැල් මත පටලයක් සේ තවරගන්න.

පසුවදා පිරිසිඳු වතුරෙන් මුව සෝදාගන්න. කැළැල් එතරම් දරුණු නොවේ නම් පැය බාගයක් පමණක් තබා සෝදා හරින්න.

ලෙමන් යුෂ

විටමින් C බහුල ලෙමන් යුෂ සමට අවශ්‍ය,පිරිසිඳු බඳුනකට ලෙමන් ගෙඩියක යුෂ මිරිකාගන්න ඇඟිලි තුඩු අධාරයෙන් ලෙමන් යුෂ බිංදුව බැගින් කුරුලෑ කැළැල් මත තව ඔබට ඇත්තේ සංවේදී සමක් නම් ලෙමන් යුෂ සමඟ ජලය ස්වල්පයක් මිශ්‍ර කරගන්න. දිනකට වරක් බැගින් සති තුනක් කිරීමෙන් කුරුලෑ කැළැල් මැකී යනු ඇත.

කෝපි කුඩු

ප්‍රියජනක උදැසන පැනයකට අමතරව කුරුලෑ ස්ක්‍ර්බ් එකක් ලෙසද කලකට ඉහතදී සිටම කෝපි කුඩු ක්‍රියා කරනවා. මුලින්ම මුහුණ සෝදා පිරිසිඳු කරගන්න කෝපි කුඩු ටිකකට ජලය ස්වල්පයක් එකතු කරගන්න.

දැන් මෙම මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන වක්‍රාකාර ලෙස සම මත පිරිමදිමින් මුව සම්බාහනය කරගන්න. දැන් විනාඩි 5ක් හෝ 10කට පසු මෙය සෝදා හරින්න

කෝමාරිකා

කෝමාරිකා යනු ඖශධිය ගුණ රාශියක් ඇති පැළෑටියකි. මෙය මුහුණේ සෞක්‍යය සඳහා යොදාගන්නා විවිධ ක්‍රම තබුනත් එය කුරුලෑ කැළැල් සඳහා යොදාගත හැකි සරලම ක්‍රමය මෙයයි.

පිරිසිඳු කෝමාරිකා කොලයක් කපාගෙන එහි මදය ප්‍රවේසමෙන් සුරාගන්න. මෙය සම මත අලේප කොට විනාඩි 5-10ක් තබාගන්න. දවසට දෙවරක් බැගින් මෙය කරන්න

ඔලිව් තෙල්

ලප කැළැල් මකාලිමෙහි ලා ඔලිව් තෙල් විශාල ලෙස යොදාගන්නා බව ප්‍රසිද්ධ සත්‍යයක්. මුලින්ම මුහුණ සෝදා පිරිසිඳු කරගන්න දැන් ඇඟිලි තුඩු වලට ඔලිව් තෙල් ගෙන මුවෙහි ගලවමින් සුමුදු ලෙස සම සම්බාහනය කරගන්න

දැන් පුංචි තුවායක් රස්නේ වතුරෙන් පොඟවා මිරිකාගෙන එය මුව මත තබාගන්න. විනාඩි කිහිපයකට පසු මුව සෝදාගන්න. ඔබ කැමති නම් මෙය රාත්‍රියේ කර උදැසන සෝදා හරින්නටද පුලුවන්. ඉතින් ඔබේ සමේ කැළැල් වලට මේ දේවල් ඉක්මන් ප්‍රතිපල ගෙන දේ යයි අපට විශ්වාසයි. ඔබේ අත්දැකීම අප වෙත ලියා එවන්න.

හංසනී කෝකිලා..