පෙඩිකියු එකකින් දෙපා වලට ලැබෙන සුන්දරත්වය නිසාම බොහෝ කාන්තාවන් සැලෝන් වලින් පෙඩිකියු සත්කාර ලබා ගැනීම ප්‍රිය කරනවා. ඒත් මේදිනවල තියන ආර්ථික තත්වය එක්ක ඒවගේ අමතර දේකට මුදල් වැය කරන්න ටිකක් අමාරුයි. ඉතින් අපි ඔබට නිවසේ තියන දේවල් වලින් ඉතා පහසුවෙන් පෙඩිකියු සත්කාරයක් කරන හැටි කියල දෙනවා.

මේක කරන්න විනාඩි 45 ක් විතර වැය වෙන නිසා නිදහස් වෙලාවක් වෙන් කරන්න .රාත්‍රියේ නින්දට පෙර නම් ඉතාමත් හොදයි ඒකට හේතුව මං අන්තිමට කියන්නම් . නිදහස් තැනක් නිදහස් වෙලාවක් වෙන් කරගෙන සොෆ්ට් මියුසික් එකක් ප්ලේ කරලා සුවද හමන ඉටිපන්දමක් එහෙම පත්තු කරලා මේ වැඩේ පටං ගත්තොත් නම් ඇත්තෙන්ම වටිනව.

මොනාද අවශ්‍ය
පුටුවක වාඩිවෙලා කකුල් දෙකම දාගෙන ඉන්න පුළුවන් බේසමක් . උණුසුම් වතුර , දෙහි ගෙඩියක් ,ලුනු ටිකක් , බේකින් සෝඩා ( ආප්ප සෝඩා) , කැමති ශැම්පු ටිකක් . කඩල පිටි , යෝගට් එකක් ,පියුමික් ස්ටෝන් එකක් ( කකුල් වල මැරුනු සම ඉවත් කරන ගලක්) රෙදි කෑල්ලක් , පරණ දත් බුරුසුවක්. ලිස්ට් එක දිගයි වගේ පෙනුනට මේ හැමදේම ඔයාගෙ ගෙදර තියනව.

කොහොමද කරන්නෙ.
01. මුලින්ම පැරණි නිය ආලේපන ගල්වෙලා තියනව නම් ඒවා ඉවත් කරන්න . නේල් පොලිශ් රිමූවර් එකකින් මේක පහසුවෙන් කරන්න පුළුවන් .
02. කකුල් දාන්න පුළුවන් තරමට උණුසුම් කරගත් වතුරට දෙහි ගෙඩිය , ශැම්පු , බේකින් සෝඩා, ලුනු ,දමා මික්ස් කරන්න.
03. මේකට කකුල් දෙක දාගෙන වතුර නිවෙනකම් විනාඩි 15/20 ක් වගේ නිසොල්මනේ ඉන්න . මේ වෙලාව තමයි සොෆ්ට් මියුසික් එකක් අහන්න සුදුසුම.
04. දැන් කකුල වතුරෙන් උඩට අරන් පියුමික් ස්ටෝන් එකෙන් විලුඹ පතුල් මෘදුව රවුමට අතුල්ලලා මැරුණු සම ඉවත් කරන්න . මේ ගලෙන් කකුල් වල උඩු සම අතුල්ලන්න නම් එපා .මෙහෙම කරද්දී මැරුණු සම ඉවත් වෙනව ඔයාට පෙනෙයි.

05. රෙදි කෑල්ලෙන් කකුල හොදින් අතුල්ලා පිරිසිදු කරන්න .( සමහර අය වෙනිවැල් කුඩු කෝපි කුඩු වලිනුත් උඩු සම ස්ක්‍රබ් කරනව එහෙම පුළුවන් නම් ගොඩාක් හොදයි ). නියපොතු බුරුසුවෙන් මැදලා පිරිසිදු කරලා පිරිසිදු ලා උනු වතුරෙන් හෝදන්න. මේකට බේසමේ වතුර ගන්න එපා .අලුතින් වතුර ගන්න.
06. ඊටපස්සෙ කඩලපිටි යෝගට් මිශ්‍ර කරලා කකුල් වල ආලේප කරන්න . මේක ඕනෑම සමකට සුදුසු පැක් එකක් . ඒත් ඔයාට කැමති නම් මීපැණි, කහ , කෝමාරිකා, අලිගැටපේර , ගස්ලබු , වෙනිවැල්, මේවගේ ඕනිම පැක් එකක් පාවිච්චි කරන්න පුළුවන් . පැක් එක දාල විනාඩි 15 ක් 20 ක් ඉදලා පිරිසිදු වතුරෙන් හෝදන්න.

07. කපු රෙද්දක් අරං හොදින් කකුල් තෙත මාත්තු කරන්න.
08. මීලගට ඔයා ගාව තියන ඕනිම ක්‍රීම් එකක් කකුලේ ආලේප කරන්න . කපු මේස් දෙකක් දාගෙන ඉන්න පුළුවන් නම් හොදයි.

මේ සත්කාරෙ කලාට පස්සෙ ඇවිදින්නෙ නැතුව මේස් දාගෙන නිදාගන්න පුළුවන් නම් ගොඩාක් හොදයි . අන්න ඒ නිසා තමයි රාත්‍රියේ නින්දට පෙර කරන්න කියල මං කලින්ම කිව්වේ. ඉතින් මේක සතියකට දෙවරක් කරලා සති දෙකකින් අපිට ප්‍රතිඵල කියන්න …