අද මම ඔයාලගේ වැඩිවුණු බරයි කැත බඩයි අඩු කරගන්න ඉඟුරු වලින් කරන්න පුලුවන් සත්කාර ක්‍රම තුනක් තමයි කියලා දෙන්නේ.
ආහාර පාලනය කරන්න නැතුව ව්‍යායාම කරන්නේ නැතුව ඔයාගේ ඇඟේ තැන්පත් වුණු වැඩිපුර තෙල් ඉවත් කරලා ඇග හැඩ කරගන්න මේ ක්‍රම තුන ඉතාම වැදගත් වෙනවා.
ඉගුරු කියන්නේ ශරීරය අනවශ්‍ය මේද ඉවත් කරන විශ්මිත ඖෂධයක්. ඉතින් මේ දවස් ටිකේ කාලා කාලා බර වැඩිවෙලා කියලා දුක් වෙන අයට පුළුවන් මේ ක්‍රම තුනෙන් එකක් අත්හදා බලන්න.100% ස්වභාවික නිසා කිසිම අතුරු ආබාධයක් නැහැ.
පලවෙනි ක්‍රමය
මේ ක්‍රමයෙන් ඔයාගේ වැඩිවුණු බරයි කැත බඩයි දවස් හතෙන් ව්‍යායාම ආහාර පාලනය නැතිව අඩු කර ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
මී පැණි, ඉගුරු, කහ කුඩු
සාදාගන්න ආකාරය
මුලින්ම ඉඟුරු කෑල්ලක් අරන් පොඩියට හීනියට තලා ගන්න එක පිරිසිදු භාජනයකට දාලා ඒකට වියළි කහ තේ හැඳි භාගයක් සහ මී පැණි තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරලා හොඳින් කලවම් කරන්න. දැන් මේ හදාගත්ත මිශ්‍රණය කන්න තමයි තියෙන්නේ. හදාගත්ත මිශ්‍රණය දවසට දෙපාරක් ආහාරයට ගන්න පුළුවන්. තේ හැඳි එක බැගින් කෑමට පස්සේ. මේක හරිම රහයි. මේ ක්‍රමයට ගොඩක් අය කැමති වෙයි. එක දිගට දවසක් 7ක් මේ ක්‍රමය කරල බලන්න.
ඉඟුරු සහ කහ වලින් බඩ අඩු වෙනවාට අමතරව ආහාර ජීර්ණය ක්‍රමවත් කරල සෙම් ආශිත රෝග සුව කරනවා.ශරීර ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන්න මෙම ඖෂධය ගොඩක්ම වැදගත් වෙනවා.
දෙවන ක්‍රමය
මෙම ක්‍රමයෙන් දවස් පහළොවක් ඇතුළත ඔයාගේ වැඩි උන බරයි බඩයි අඩුකර ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
මී පැනි
දෙහි
ග්‍රීන් ටී
ඉඟුරු
කහ
පිරිසිදු වීදුරුවක් අරන් එකට ග්‍රීන් tea බෑග් එකයි කහ තේ හැඳි භාගයකුයි එකතු කරන්න දැන් පැහෙන උණුවතුර මේකට එකතු කරන්න. මේකටම තලා ගත්ත ඉඟුරු කෑල්ලක් එකතු කරල විනාඩි දහයක් වහලා තියන්න.විනාඩි දහයකට පස්සේ මේක හොඳට කලවම් කරල දෙහි මේස හැන්දක ප්‍රමාණයක් සහ මීපැණි තේ හැන්දක ප්‍රමාණයක් දාලා හොදට කලවං කරන්න. ඊට පස්සේ ග්‍රීන් ටී බෑග් එක ඉවත් කරලා ඔයාට බොන්න පුළුවන්.
මේ ක්‍රමයෙන් ඔයාගේ සම පැහැපත් කරනවා වගේම ශරීරය අභ්‍යන්තර වාසි රැසක් ලැබෙනවා මේ තේ පානය ඔයාට දවසට දෙපාරක් බොන්න පුළුවන් වරකට තේ කෝප්ප භාගය බැගින් කෑමට පස්සේ මේක බොන්න. එක දිගට දවස් පහළොවක් මේ ක්‍රමය කරලා බලන්න.
තෙවැනි ක්‍රමය
ඔයාගේ බරයි බඩයි අඩුකරගන්න මේ ක්‍රමයෙන් ඔයාට දවස් හතෙන් ප්‍රතිඵල ලැබෙනවා
අවශ්‍ය ද්‍රව්‍ය
ඉඟුරු , දෙහි , මී පැණි
සාදාගන්නා ආකාරය
ඉඟුරු පොඩියට පෙති කපලා භාජනයක දාලා ලිප තියලා ඒකට වතුර වීදුරු දෙකක් එකතු කරලා මද ගින්දරේ විනාඩි දහයක් තම්බ ගන්න. ඉඟුරු හොඳට තැම්බුනාට පස්සෙ ලිප නිවලා ඉඟුරු කැබලි ටික වතුරෙන් පෙරාගන්න දැන් මේ වතුර එක විනාඩි විස්සක් විතර නිවෙන්න තියන්න. නිවුනට පස්සෙ මී පැනි සහ දෙහි එකතු කරලා හොඳින් කලවම් කරලා බොන්න තියෙන්නේ. මේක දවසට දෙපාරක් කෑම කන්න පැය බාගෙකට කලින් බොන්න ඕනේ. දවස් හතක් ඔයා මේක එක දිගට කළොත් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි.
මේ ක්‍රම තුනම එකවර කරන්න එපා මේ දේවල් වලින් එකක් විතරක් ඔයාලා උත්සාහ කරලා බලන්න. ප්‍රතිඵල වැඩි කරගන්න කියලා එකවර සියල්ල කරන්න එපා. ඕනම දෙයක් ඕනවට වඩා කරන්න හොඳ නැහැනේ.
මං
හංසිනී කෝකිලා