latest articles

කාන්තාවන්ට නිවසේදීම ආරම්භ කළ හැකි ස්වයං රැකියා 7ක්

ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා හිටියොත් අනිත් අයගේ ඇස් වලට කටු අනිනවා වගේ වෙනවනේ කොච්චරවත් ඇයි ජොබ් එකෙන් අයින් වුණේ ? අපරාධෙ රස්සාව 🥴 තාම job එකක් නැද්ද ? ආදී දහසකුත් ප්‍රශ්න.ඒත් ඔයා කාන්තාවක් නම් අන් කෙනෙක් ට යටත් නොවි ගෙදර ඉතාම ආදායමක් ලබන්න පුළුවන් සුළුවෙන් පටන් ගන්න පුළුවන් ස්වයං රැකියා අවස්තා කීපයක් තියෙනවා.

ඇඳුම් මැසීම

කොළඹ ලොකු ලොකු shopping mall වලින් ගිනි ගණන් දීලා ඇඳුම් ගන්න සල්ලි නැති ඒත් ලස්සන ලස්සන මල් මල් ගවුම්, සායවල් අදින ආස කෙල්ලො ගොඩක් ඉන්නවා. social media වලින් ඔයා මහන ඇඳුම් දෙක තුනක් ඇඳලා ටික් ටොක් එකක් කරලා වීඩියෝ එකක් දැම්මා නම් ඔයාට සූ ගාල කස්ටමර්ස්ලා හදා ගන්න පුළුවන් හැබැයි ඒ කස්ටමර්ස්ලා ටික දිගටම තියාගන්න නම් ඔයා නිර්මාණශීලී වෙන්න ඕනි වගේම වැඩත් කොලිටියටම තියෙන්න නම්. ඔයාට මහන්න අවශ්‍ය රෙදි පමුණුව, පිටකොටුව වගේ තැන් වලින් ගන්නා පුළුවන් නම් තවත් ලාභයි.

විවිධ අත්කම් නිර්මාණ

ලස්සන ලස්සන දේවල් තෑගි විදිහට, සිහිවටන විදිහට දෙන්න , පෙම්වතුන්ට පෙම්වතියන්ට දෙන්න වෙළදපොලේ විශාල ඉල්ලුමක් තියෙනවා. ෆේස්බුක්, tik tok , instagram හරහා තමන් හදන අත්කම් නිර්මාණ ප්‍රසිද්ද කරගෙන හොඳ ආදායමක් හදාගන්න පුළුවන්. මෙම අත්කම් නිර්මාණ සඳහා සැකසූ පාථමාලා පවා අද වන විට පවත්වනවා.

රෙසින් නිර්මාණ , මැටි නිර්මාණ, ගෙතුම් නිර්මාණ, handmade ජුවලරි නිර්මාණ වලට ලොකු ඉල්ලුමක් වර්තමානයේ දක්නට ලැබෙනවා අනිත් අය කරන දෙයක් නෙවෙයි වෙනස්ම නිර්මානයක් කරන්න උත්සහ කරන්න.

ගෙවතු වගාව

ගොඩක් කාන්තාවන් ආසයි තමන්ගේ ගෙවත්ත මල් වවලා ලස්සනට තියාගන්න. අපේ අම්මලා එහෙම නම් දැක්ක දැක්ක තැන් වලින් අතු ඉල්ල ඉල්ල යනවා ඔයාලා දන්නවනේ. අන්න ඒ වගේ මල් වලට ආස කරන කෙල්ලන්ට පුළුවන් මල් පැල තවානක් පටන් ගන්න. මල් ගැන දැනුම තොරතුරු අද අන්තර්ජාලයෙන් සහ කෘෂිකර්ම සහය මධ්‍යස්ථාන වලින් ලබාගන්න පුළුවන්. මල් ඇට, මල් පැල , මල්පෝචිචි විදිහට වෙළඳපොළට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලොකු වත්තක් තියෙනවා නං එළවලු පැ ල ටිකක් වවලා ඒ ලැබෙන ඵලදාව ළඟ කඩේට විකුණලා යම් ආදායමක් ලබන්න පුළුවන්.

අන්තර්ජාලය හරහා part time job

ඔයා දැනට ජොබ් එකක් කළත් ඒ ආදායම මදි වගෙ නම් ඔයාට පුළුවන් අන්තර්ජාලය හරහා දවසට පැය තුන හතරක් වැඩ කරලා මුදල් උපයාගන්න. තමන්ට හැකියාවක් තියෙනවනම් ට්‍රැෆික් සහ වෙබ්ඩිසයිනින් , ටයිප් සෙටින් වගේ දෙයක් තෝරාගෙන අන්තර්ජාලය freelance වැඩ හරහා මුදල් උපයාගන්න පුලුවන්.

පෙන්සිල් ආර්ට්

ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම් pencil art වලින් ඉහළ ආදායමක් උපයාගන්න පුලුවන් මොකද ගොඩක් අය ආසයි තමන්ගේ ෆොටෝ එකක් නැත්නම් කපල් පොටෝ එකක් මතක සටහනක් විදියට පැන්සල් සිතුවමක් විදියට ලබාගන්න. අද අන්තර්ජාස්ලාය හරහා ඉතාමත් ඉහළ මිල ගණන්වලට පැන්සල් සිතුවම් අලෙවි වෙනවා.

ග්‍රැෆික් ඩිසයිනින්

පරිගණකයක් තියනවනම් ගෑනු ළමයෙක්ට ග්‍රෆික් ඩිසයින් කියන්න හොඳ ආදායම් මාර්ගයක්. මේ සඳහා දැනුම පළපුරුද්ද අවශ්‍ය වෙනවා. හැමෝටම මේ හැකියාව පිහිටන්නෙ නෑ ඒ නිසා තමන්ට ආවේණික නිර්මාණශීලී දෑතක් හුරු කර ගත්තොත් ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක් විදිහට නිවසේ සිටම යම් කිසි ආදායම් මාර්ගයක් හදා ගන්න පුළුවන්.

කේක් නිර්මාණය

ඕනිම වයසක කෙනෙක්ට හැකියාව තියෙනවා නම් පටන් ගන්න පුළුවන් දෙයක් තමයි කේක් නිර්මානය කියන්නේ. හැකියාව නැතත් දුක් වෙන්න ඕනේ නෑ කේක් පාඨමාලා තියෙනවා මාස 3, මාස හය ආදී වශයෙන්. අවශ්‍ය උපකරණ මිලදී ගන්න ඕනේ. ලගම හිතවතුන්ගේ දරුවන්ගේ උපන්දින සාද වලට කේක් නිර්මාණය කරන්න පටන් අරන් ඊට පස්සේ අන්තර්ජාලය හරහා වුවද ඔයාගේ කේක් නිර්මාණ අලෙවි කරගන්න පුළුවන්. රසට ලස්සනට පිළිවලට පිරිසිදුවට හදන එක තමයි වැදගත්.

ගෙදර දොර වැඩ වලට ලමයිගෙ වැඩ වලට ඉගෙන ගන්න වැඩ වලට ඔබට අද කාලේ කොච්චර සල්ලි තිබ්බත් මදි. සැමියාගෙන් නැත්තන් දෙමාපියන්ගෙන් සල්ලි ඉල්ලලා නිතරම කරදර කරන්නත් බෑ. තමන්ටම කියල කීයක් හරි හොයාගන්න තියෙනවනම් හොඳයි කියල හිතන් ඉන්න ගෘහණියන්ට මේ ලිපිය වැදගත් වෙයි කියලා මම හිතනවා.හිත හිත ඉන්න එපා හැකියාව තියනවා නම් ඉක්මනින්ම ව්‍යාපාරයක් පොඩියට හරි පටන් ගන්න.