latest articles

ක්ෂණික මෝචනය නැති කරන රුපියල් 60ට කොට්ටං වල ඇති ගුණ 8ක්

අපිව බාල කාලෙට අරන් යන්න පුළුවන් රසවත් කෑමක් තමයි කොට්ටම්බා කියන්නේ.ගං ඉවුරු වල ඇල කණ්ඩි වල හරි අපුරුවට මේ ශාකය වැඩෙනවා. කොච්චර රස වුණත් කොට්ටම්බා තලලා මදය පොඩි කර ගන්නේ නැතුව වෙන්කර ගන්න එකත් ටිකක් සංකීර්ණ වැඩක් ඒකටත් මනා හැකියාවක් තියෙන්න ඕනි. ඔයාල දන්නවද කොට්ටම්බා අපේ ශරීරයට කොච්චර ගුනයිද කියලා.මම අද කියල දෙන්නම් නම් ඒ ගුණයක් කිහිපයක්.

  1. කොට්ටම්බා ප්‍රෝටීන් බහුල ආහාරයක්.
  2. කොට්ටම්බා වල බැක්ටීරියා නාශක ගුණයක් තියෙනවා ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන නොයෙක් අජීර්ණ තත්ත්වයන් වලට මේවා ආහාරයට ගැනීමෙන් සුවයක් ලැබෙනවා.මේ නිසා තමයි කුඩා ළමුන්ට කොට්ටම්බා මද ආහාරයට දෙන්න කියලා විශේෂයෙන්ම ආයුර්වේදයෙ සදහන් කරලා තියෙන්නේ.
  3. කොට්ටම්බා කියන්නෙ ගික ශක්තිය වඩවන ආහාරයක්. ආමන්ඩ් වගේම කොට්ටම්බා කෑමෙනුත් ක්ෂණික මෝචනය වැනි දුබලතා නැති කරගැනීමට පුළුවන්.
  4. දියවැඩියා තියෙන අයටත් කොට්ටම්බා ගුණයි
  5. සන්ධි ආබාධ ඉදිමුන තුවාල සහ ආතරයිටිස් රොගින්ටත් මෙමගින් සහනයක් ලැබෙනවා.
  6. සම පැහැපත් කිරිමටද , වයසට යාම පාලනය කිරීමට ද හැකියාවක් කොට්ටම්බා සතු වෙනවා.
  7. පි-ළිකාව අව-ධානම අඩු කරගැනීමටද ඔබ ආහාරයට ගත යුතුම දෙයක් තමයිි කොට්ටම්බා.
  8. මේවා හෘද රෝගීන්ට ගුණ දෙන ආහාරයක්

ඇල්පිටිය උපන් විජයපාල මහත්මයා බොරැල්ල කැම්බල් පාර්ක් එක එහා පැත්තේ ඒ කියන්නේ බන්ධනාගාරය ඉස්සරහ පාරේ බිම ඉඳගෙන හරි අපූරුවට මේ කොට්ටම්බ තලන රස්සාව කරනවා. අවුරුදු 59 ක ගතින් වියපත් එහෙත් හිතින් නොවියපත් විජේපාල මාමාගෙ කොට්ටම්බා ගොට්ටක් රුපියල් 60ක් පමණයි වෙන්නේ. ඔයත් කොළඹ බොරැල්ල පැත්තෙ යනවනම් විජේපාල මාමා ට උදව්වක් වශයෙන් මේ රසවත් ගුණවත් කොට්ටම්බා ගොට්ටක් අරන් යන්න අමතක කරන්න එපා.