පසුගිය දශකයක කාලයක සිටම ඔලිව් තෙල් සතු රූපලාවන්‍ය ගුණ පිලිබඳව මහත් ලක්වෙනවා. නමුත් ඔලිව් තෙල් වල භාවිතය පිළිබඳව ආරම්භය රෝම ඉතිහාසයේ ක්ලියෝ පැට්‍රා යුගය දක්වා දිවයන බව ඔබ දන්නවාද. ස්වභාවිකවම ප්‍රතිඔක්සිකාරක ගුණයන් අඩංගු වෙනවා. ඊට අමතරව විජලනයෙන් සම ආරක්ෂා කිරීමටත් හිසකෙස් සහ නියපොතු පැහැපත් කිරීමටත් ඔලිව් තෙල් වලට හැකියාව තිබෙනවා. ඉතින් ඔලිව් තෙල් සතු ඔබ නොදන්නා රූපලාවන්‍ය රහස් 5ක් පිලිබඳ අපි අද ඔබ වෙත ගෙන එනවා.
1.ශැම්පෝ කිරීමට පෙර හිසකෙස් වලට ප්‍රතිකාරකයක් ලෙස
![](https://cracky.art/wp-content/uploads/2022/12/wedw-1024x693.jpeg)
ඊජිප්තු ශිෂ්ටාචාරයේ සිට ඔලිව් තෙල් හිස කෙස් වලට ප්‍රතිකාරකයක් ලෙස භාවිතා කළ බව සඳහන් වෙනවා. පළමුව ඔලිව් තෙල් මදක් රත්කර ගන්න. ඉන්පසු ඇඟිලි තුඩු භාවිතයෙන් හිසකෙස්වල මුල සහ හිස් කබලේ වදින සේ ආලේප කරන්න. විනාඩි 15ක් 20ක් පමණ තිබෙන්නට හැර ශැම්පෝ යොදා සෝදා හරින්න.
2.ලිප්ස් ස්ක්‍රබ් එකක් ලෙස
![](https://cracky.art/wp-content/uploads/2022/12/gjhklkl.jpg)
දුඹුරු සීනි සහ ඔලිව් තෙල් මේස හැන්දක් බැඟින් මිශ්‍ර කරගන්න. තවද මෙයට දෙහි යුෂ ස්වල්පයක් ද මිශ්‍ර කරගන්න. දැන් මෙය ලිප්ස් ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කළ හැකියි. මෙම මිශ්‍රණය මුළු ශරීරය පුරාම වුවද ආලේප කිරීමෙන් වඩාත් පැහැපත් සමකට ඔබට උරුමකම් කිව හැකියි.
3.ඇස්වල මේකප් ඉවත් කිරීමට
ඇස්වල ගල්වෙන රූපලාවන්‍ය ආලේපන ඉවත් කිරීම පහසු කාර්යයක් නම් නෙවෙයි. ඔලිව් තෙල් ඇස වටා ආලේප කර ඇතිල්ලීම මඟින් පහසුවෙන් මෙය සිදුකර ගන්න පුළුවන්. ඔබට සිතෙන්න පුළුවන් තෙල් ජාති මුහුණේ ආලේප කළාම සෝදා ගන්නත් අපහසුයි, ඇලෙන සුළු ගතියකුත් එනවා කියලා. නමුත් හැබෑවටම ඔලිව් තෙල්වලින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. හොඳින් පිරිසිදු වීම තමයි මෙයින් සිද්ධ වෙන්නේ.
![](https://cracky.art/wp-content/uploads/2022/12/tghj-1.jpeg)
4.හිසකෙස් වලට දිස්නයක් ලබා දීමට
අමුතුවෙන් ලොකු ගාණක් දීලා කොණ්ඩේ ලස්සනට දිලිසෙන්න ආලේප කරන්න කඩෙන් තෙල් වර්ග ගන්න ඕනේ නැහැ. කොණ්ඩේ පීරලා ඉවර වුණාට පස්සේ හිසකෙස් මතුපිටින් ඔලිව් තෙල් ස්වල්පයක් ආලේප කරන්න. ඔබ පුදුම කරවන දිස්නයක් සමඟ හිසකෙස්වල ආයු කාලයද වැඩි කරගන්න මෙමඟින් පුළුවන්.
![](https://cracky.art/wp-content/uploads/2022/12/yughu-1024x768.jpg)
5.රේසර් භාවිතයෙන් රෝම ඉවත් කිරීමට පෙර ශේවින් ක්‍රීම් එකක් විදියට
මුලින්ම සම මතුපිට රේසර් එක තියලා රෝම ඉවත් කිරීම අපහසුයි. ඒ වගේම ශේවින් ක්‍රීම් කියලා වෙළෙඳ පොලේ තියෙන ගොඩක් ක්‍රීම් වර්ග කෘතීම, සමට හිතකර නොවන සංයෝග. මේ සඳහා ශේව් කිරීමට පෙර සමමත ඔලිව් තෙල් ටිකක් ආලේප කරන්න පුළුවන්. මෙමඟින් සමට පහසුවක් මෙන්ම වඩා පැහැපත් බවක්ද ලැබීම සිදු වෙනවා.