latest articles

ඔයාගේ හිතේ ඉන්න ගැහැනු ලමයා ඔයාගෙම කරගන්න පුළුවන් පහසු ක්‍රම 5ක්

ඔයාගේ හිතේ ගෑනු ළමයෙක් ඉන්නවාද? ඔයා කැමති ගැහැනු ළමයා ඔයාට කැමති නැද්ද? ඔයාටත් මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා ද? එහෙනම් ඒ ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නැහැ. මොකද අද අපි ඔයාලට මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ ඔයාගේ හිතේ ඉන්න ගැහැනු ලමයා ඔයාගෙම කරගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක ක්‍රම 5ක් පිළිබඳවයි.

Smart කොල්ලෙක් වෙන්න 

කඩවසම් බවට වඩා කෙල්ලෝ බුද්ධිමත් කොල්ලෙක්ට ගොඩක් කැමතියි. ජීවිතයේ කිසිම අරමුණක් නැතුව ඔහේ life එක ගතකරන කොල්ලන්ට කෙල්ලො කොහොමත්ම කැමති නැහැ. හැබැයි ජීවිතය බොහොම සතුටෙන්, විනෝදයෙන්, ඉලක්කයක් ඇතිව වැඩ කරන කොල්ලො එක්ක ජීවිතය ගෙවන්න කෙල්ලෝ හිත යටින් ආස කරනවා.

ඔබටම සුවිශේෂී වූ විනෝදාංශයක් හදාගන්න

වර්තමානයේ බොහෝමයක් පිරිමි ළමයි කරන්නේ තමන්ගේ ජංගම දුරකතනයත් එක්ක කාලෙ ගත කරන එකයි. ඒත් ඒ වගේ පිරිමි ළමයෙක්ට ගැහැනු ලමයෙකුගේ අවධානය යොමුවන්නෙ බොහොම අඩුවෙන්. ක්‍රිකට් සෙල්ලම් කරන්න, පීනන්න, ගිටාර් ගහන්න, travelling කරන්න වගේ විනෝදාංශයක බොහොම නිදහසේ නිරත වෙන්න බලන්න. මොකද ඒ විදිහේ වෙනස් දෙයක් කරන පිරිමි ළමයෙක්ට ගැහැණු ළමයින් උනන්දු වෙන ගතිය ටිකක් වැඩියි. 

නිතරම ප්‍රසන්නව සහ පිරිසිදුව ඉන්න

ගැහැණු ළමයෙක් එයාලා තරම්ම පිලිවෙල පිරිසිදු බව පිරිමි ළමයෙකුගෙන් අපේක්ෂා නොකළත් යම් කිසි පිලිවෙලක් පිරිසිදු බවක් අපේක්ෂා කරනවා. පිරිමි ලමයින්ගේ hair style ගැන,  රැවුල් කට් ගැන ගැහැණු ළමයි විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ වගේම ඔයාගේ සපත්තු දෙකත් නිතරම පිරිසිදුව තබාගන්න.

ඇයගෙන් යම් උදව්වක් ඉල්ලන්න

ඔයාගේ හිතේ ඉන්න ගැහැණු ළමයා ඔයාගේ යාළුවෙක් නම් ඒ වගේම ඔයාගේ හිතේ තියෙන දේ දන්නේ නැත්නම් මේක තමයි හොඳම ටිප් එක. අපි කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලද්දි ඒ කෙනා ගැන කැමැත්තක් අපේ හිතේ ඉබේම ඇතිවන බව  මනෝවිද්‍යාත්මක පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා. ඒ වගේම ආයේ ආයේ උදව් කරන්න එයා ඉබේම පෙළඹෙනවා. හැබැයි අනවශ්‍ය විදියට උදව් ඉල්ලන්න යන්න එපා.

මිනිස්සුන්ට සමානව ගරු කරන්න

ගැහැණු ළමයින් ගොඩක් වෙලාවට සංවේදී පිරිසක්. ඉතින් ඔවුන් නිතරම ගුණධර්ම කියන දේ සංසන්දනය කරනවා. ඉතින් ඔයා හොද කෙනෙක් නම් ඒකේ වාසිය නිකම්ම ඔයාට ලැබෙනවා. දුප්පතුන්ට උදව් කිරීම, දෙමාපියන්ට සැලකීම කියන්නේ යුවතියන් බොහෝ ප්‍රිය කරන පිරිමින්ගේ ගතිගුණයක්. ඔයාගෙ හොඳ ගතිගුණ නිසා යුවතියන් නිකම්ම ඔයාට ආකර්ෂණය වෙනවා.