latest articles

ඔයත් මේ ගතිගුණ තියෙන කෙල්ලෙක් නම් කිසිම කොල්ලෙක් ඔයාට කැමති වෙන්නේ නම් නැහැ

බොහොමයක් කාන්තාවන් හිතන්නේ ලස්සන කියන්නේ මුහුණේ විතරක් තියෙන්න ඕන දෙයක් කියලා. මුහුණෙන් විතරක් නෙවෙයි ඇය හදවතිනුත් ලස්සන කෙනෙක් වෙන්න ඕනේ. නමුත් ඇතැම් වෙලාවට අපට මුණගැහෙන කාන්තාවන් දිහා බැලුවහම ඒ අය පිටතින් කොයිතරම් ලස්සන වුනත් ඇතුලතින් කොච්චර නම් නරක අයද කියන එක අපිට දැනෙනවා. සෑම කාන්තාවකගේම හැසිරීම තමයි ඇය අනිත් අය ඉදිරියේ ප්‍රසාදයට ලක් වෙනවාද, අප්‍රසාදයටත් ලක් වෙනවාද යන්න තීරණය කරන්නේ. ඉතින් ඒ නිසා අද අපි මේ ලිපියෙන් ඔබට කියන්න හිතුවා කාන්තාවක් පිරිමියෙක්ගේ අප්‍රසාදයට ලක් වෙන්න හේතු වෙන නරක හැසිරීම් කිහිපයක් පිලිබදව.

අනවශ්‍ය ලෙස අනෙක් අයව පාලනය කිරීමට උත්සහ කිරීම

තවත් කාන්තාවන් කොටසක් ඉන්නවා මේ අය නිතරම ඉන්නේ තරහෙන්. ඒ අයට වුවමනා අනිත් හැම කෙනෙක්ම ඒ අයට ඕනේ විදිහට වැඩකටයුතු කරන එක. ඒ නිසා මෙවැනි කාන්තාවන් වටේ ඉන්න අය විතරක් නෙවෙයි, අහම්බෙන් ඒ අයට මුණගැහෙන අයවත් එයාලට ඕනේ විදිහට පාලනය කරන්න බලනවා. මෙවැනි කාන්තාවන්ටත් කිසිම කෙනෙක් ප්‍රියතාවක් දක්වන්නේ නැහැ.

අහංකාර බව

මේක තමයි කාන්තාවක් ළඟ නොතිබිය යුතුම ගතිගුණය. සමහරක් කාන්තාවන් තමන් තරම් උගත්, ලස්සන වෙන කිසිම නැති විදිහට තමයි හැසිරෙන්නේ. සරලවම ඒ අයගේ උඩගුකම කොයි තරම්ද කිවුවොත් මේ අය ඇවිදින්නේ අඩි දෙක තුනක් උඩින්. මෙහෙම කාන්තාවන්ට නම් පිරිමි අය කොහොමටවත් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. පිරිමි අය විතරක් නෙවෙයි වෙන කිසිම කෙනෙක්වත් එහෙම කාන්තාවන්ට කැමති නැහැ.

ජිවිතයේ කිසිදු පිළිවෙලක් නොමැති කාන්තාවන්

මෙවැනි කාන්තාවන්ට තමන් ගැන පමණක් නොව තමා අවට සිද්ධ වෙන දේවල් ගැන වත් කිසිම ගානක් නැහැ. ඒ වගේම මේ අයගේ කිසිම වැඩක පිළිවෙලක් නැහැ. මේ කාන්තාවන්ට අනෙක් අය ඔවුන් ගැන කියන දේවල් ගැනවත් කිසිම තැකීමක් නැහැ. මෙලෙස කිසිම පිළිවෙලක් නැති කාන්තාවටත් කිසිම අවස්ථාවක පිරිමි කැමති වෙන්නේ නැහැ.

ආත්මාර්ථකාමී බව

ඇතැම් කාන්තාවන් හිතන්නේ ඒ අයගේ අවශ්‍යතාවයන් හා  සුවපහසුව ගැන පමණමයි. අනෙකාගේ අවශ්‍යතාවයන් පිලිබදව මේ අයට කිසිදු හැගීමක් නැහැ. ඒ වගේම මෙවැනි කාන්තාවන් තුළ කිසිම ආකාරයක මානුෂිය හැගීම් නැහැ. මේ නිසා බොහෝ දෙනා මේ වගේ කාන්තාවන්ට අකමැතියි.

තනිව කිසිවක් කල නොහැකි කාන්තාවන්

මෙවැනි කාන්තාවන්ට ජිවිතයේ කිසිවක් වෙනත් කෙනෙක්ගේ සහයක් නොමැතිව කරගන්න බැහැ. මේ අය කුමක් කලත් අනිත් අයගෙන් උදව් බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙවැනි බහුතරයක් කාන්තාවන් මෙලෙස හැසිරෙන්නේ ඇත්තටම ඒ අයගේ තියෙන අසරණකමකට නම් නෙවෙයි. ඒ අයගේ තියෙන කපටිකම සහ කම්මැලිකම නිසයි. ඉතින් මේ නිසා බොහෝ දෙනා මෙවැනි කාන්තාවන්ට කැමති නැහැ.