මිනිස් ශරීරයෙන් 2/3ක්ම හැදිලා තියෙන්නේ ජලය මගිනි. ඒ වගේම තමයි ජලය නැතිව කිසිම කෙනෙක්ට දවස් කිහිපයකට වඩා ජීවත් වෙන්න බැහැ. අපේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන සෛල හා පටක වල නිසි ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යවශ්‍ය වෙනවා. සීතල වෙලාවට ශරීරයේ උණුසුම ගබඩා කරල තියාගන්නේ රස්නෙ වෙලාවට දාඩිය දාලා උණුහුම පිට කරන්නෙත් ජලයේ උපකාරයෙනි. කොටින්ම අපේ සම වියලීමට නොදී සජලව පවත්වා ගන්නෙත් ජලය මගින්. ආහාර ජීර්ණය හොඳින් කරගන්නත් ශරීරයට ජලය අත්‍යාවශ්‍ය වෙනවා. මේ නිසා නිතරම පිරිසිදු ජලය පානය කිරීම, ජලය බෙහෙවින් අඩංගු ආහාර දිනපතා කෑම වේලට එක්කර ගැනීම යන ආදිය ඔබට කළ හැකියි. බොහෝ දෙනාට තමන්ගේ ශරීරයට දිනපතා අවශ්‍ය ජල ප්‍රමාණය හරියට ලැබෙනවා දැයි නිවැරදි වැටහීමක් නැහැ. අපි අද මේ ලිපියෙන් කියන්නේ යන ලක්ෂණ ඔයාට තියෙනවා නම් ජලය අඩුවෙන් පානය කිරීම නිසා ඔබේ ශරීරය විජලන වීගෙන එනවද යන්න කලින්ම හඳුනා ගන්න පුළුවන්.
1.හිසරදය හා හිස කැරගෙන ගතිය
ඔලුව රිදීගෙන එනවනම් එහෙමත් නැත්නම් ඔලුව කැරකෙනවා වගේ දැනෙනවනම් එය ඔබේ ශරීරයට වතුර මදි වෙලා කියන එකට ප්‍රධාන සාක්ෂියක් වෙනවා. මේකට හේතුව තමයි අපේ ඇඟේ තියෙන වතුර ප්‍රතිශතය අඩු උනාම මොලේ වටා පිහිටලා තිබෙන ආරක්ෂක තරලයේ පීඩනය අඩු වෙලා ඒ තරලය ඇතුලේ මොලය කලින්ට වඩා ලේසියෙන් එහෙ මෙහෙ වෙන්න ගන්නවා. මීට අමතරව ශරීරයේ ජලය අඩු වීම නිසා මොළයට ලැබෙන ඔක්සිජන් හා ලේ සාන්ද්‍රනය අඩු වීමත් මේ හිසරදයට හේතුවක් වෙනවා.
2.මුවෙන් දුගද හැමීම හා කට වියලීම
මුඛයෙන් දුර්ගන්ධයක් පිටවෙනවා නම් එය ජලය මදි බව පෙන්වන ප්‍රධාන සාක්ෂියක්. වතුර මදි කම නිසා කටේ කෙල නිපදවීම අඩුවෙනවා. එතකොට කටේ කෙළ පිරුණම ඉබේ කෙළ ගිලීම නැවතිලා කෙල පල්වීම නිසයි ඒ දුගඳ හමන්නේ. බොහෝ වෙලාවක් මෙහෙම වුනෝතින් කටේ බැක්ටීරියා වර්ධනය වෙනවා.
3.මලබද්ධය හා වෙනත් ආහාර ජීර්ණ ගැටලු
බොහෝ වේලාවක් ජලය පානය නොකර සිටීම පුරුද්දක් බවට පත් වුනොත් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. කෑම දිරවීමට වතුර අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැති උනාම කුඩා අන්ත්‍රයේ දී ආමලසය සමඟ ජලය මුළුමනින්ම පාහේ උරා ගන්නා නිසා මහාන්ත්‍රය ජලය උරා ගත්තාම මල ඉතා ඝන වෙනවා. මේ නිසා මලපහ පිටවීම අක්‍රමවත් වීම වගේම පිට කිරීම ද අපහසු වෙනවා. මීට අමතරව බඩේ අම්ල සාන්ද්‍රණය ඉහල යාම නිසා පපුවේ දැවිල්ල හට ගැනීම හා ගැස්ට්‍රයිටීස් තත්ත්වයද ඇති වෙන්න පුළුවන්.
4.මුත්‍රා පිටවීම අඩුකම හා මුත්‍රා තද කහ පැහැයට හැරීම
පැය කිහිපයකට වඩා මුත්‍රා නොකරනවානම් ඔබේ ශරීරයට වතුර මදි වෙලයි තියෙන්නේ. සෞඛ්යමත් ශරීරයකට දිනකට වාර 4-7 අතර වාර ගණනක් මුත්‍රා පිට කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ශරීරයෙන් නිරන්තරයෙන් නිපදවෙන අපද්‍රව්‍ය ශරීරයේ තබා නොගෙන බැහැර කළ යුතුයි. පැය 6ක් 7ක් මූත්‍රා නොකර සිටීම ශරීරයට සෑහෙන්න අහිතකරයි. ඒ වගේම තමයි සෞක්‍යමත් කෙනෙකුගේ මුත්‍රා ළා කහ පැහැයක් ගන්නවා. තද කහ පැහැති පැහැයක් ගන්නවා නම් එයින් කියැවෙන්නේ පැහැදිලිවම වතුර අඩු වී ඇති බවයි.
5.සන්ධි හා මාංශපේශී වල වේදනාව
ඇඟේ සන්ධි හෝ මාංශපේශිය වේදනානම් එයටත් බොහෝ විට හේතු වන්නේ වතුර අඩුකම තමයි. සන්ධි වල නිසි ක්‍රියාකාරිත්වය සඳහා හොඳ ජල ප්‍රමාණයක් තිබීම අවශ්‍ය වෙනවා. ශරීරයේ නියම ප්‍රමාණයට ජලය තිබෙනවා නම් දිවීම, පැනීම, වේගයෙන් වැටීම වැනි ක්‍රියා අපහසුවකින් තොරව කරගෙන යාමට හැකියාව ලැබෙනවා. ඇඟේ වතුර අඩු උනාම කෙන්ඩ පෙරලීම මෙයට අදාල තත්වයක්.