latest articles

ඔබ නොදැනුවත්ව ඔයාගෙ ෆොටෝ ලීක් වෙන්න පුළුවන් විදි

මාතෘකාවට බය උනාද. ඔව් ඕනිම වෙලාවක ඔයාගෙ ෆොටෝ එකක් උනත් ” ලීක් ” වෙන්න පුළුවන්. ෆොටෝ එකක් ලීක් වීම එක්ක එන මානසික සහ සමාජීය පීඩාව වැඩිහිටියෙක් විදියට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. ඒ නිසාම අද කෙනෙක් ගේ ලීක් උන වීඩියෝ එකක් රස විදිද්දි, බෙදා හරිද්දි ඒක හෙට තමන්ටත් වෙන්න පුළුවන් බව දැනුවත් වෙලා ඉමු. ඔයාට හිතෙයි මං කාටවත් නිරුවත් ෆොටෝ යවන්නෙ නෑනෙ කියල. ඔයා කාටවත් නිරුවත් ෆොටෝ නොයවා උනත් මේ දේ වෙන්න පුළුවන් වීම තමයි භයානක.

දුශ්ඨයා

මේක තමයි ඉතින් වෙන්න පුළුවන් සරලම මූලිකම දේ. ඔයා ඔයාගෙ ෆොටෝ හෝ වීඩියෝ යවපු කෙනා ඒක බාගත කරගෙන අන්තර්ජාලයට මුදාහැරීම. මේක වලක්වන්න සමහර අය එක පාරක් විතරක් ඕපන් වෙන්න , එහෙම නැතිනම් තප්පර කීපයකින් මැකෙන්න පුළුවන් වෙන්න සෙටින්ග්ස් හැදුවත් ස්ක්‍රීන් රෙකෝඩ් කිරීමකින් පහසුවෙන් මේක කරන්න පුළුවන්. මේ තාක්ශණික ලෝකේ කරන්න බැරි දෙයක් නැති නිසා ඔයා ෆොටෝ වීඩියෝ යවනව නම් අනාරක්ෂිතයි.

හැක් කිරීම

ඔයාගෙ සමාජ ජාලා ගිනුම හරි එයාගෙ ගිනුම හරි හැක් උනොත් ඔබ ලොකු අවධානමකට මුහුන දෙනව. ඒවගේම කොහොම හරි හේතුවකින් යම් කෙනෙක් ඔයාගේ gmail එකට ලොග් උනොත් එයාට අපේ google photos වලට නිකම්ම access ලැබෙනව. අපේ ෆොටෝ එතන සේව් වෙලා තිබ්බොත් ඉතින් සොරිම තමයි. ඒ වගේම google drive එකට අපේ whatsapp backup එකක් සේව් වෙනව. එතනින් ඔයා වට්සැප් වල හුවමාරු කරගත් ඔක්කොම බලාගන්න පුළුවන්.

ෆෝන් එක නැති උනොත්?

එයාගෙ උනත් ඔයාගෙ උනත් ෆෝන් එක ලැප් එක ටැබ් එක ඕනිම වෙලාවක නැති වෙන්න හොරු ගන්න ඉඩ තියනව. ඉතින් එහෙම දෙයක් උනොත් එයා ලීක් නොකලත් හොරාට පුළුවන් ලීක් කරන්න.සමහර විට ඔයා අතින් නැති වෙන මෙමරි චිප් එකක , පෙන් එකක තිබිලා උනත් මේ දේවල් එලියට යන්න පුළුවන්.

අපායගාමී යාලුවෝ

හොස්ටල්, කෑම්ප්, බෝඩින් වල ඉන්න කෙනෙක් නම් මේ අවධානම හොදටම තියනව. මේවගේ සිදුවීම් ඕනිතරම් වෙලා තියනව. ඔබේ උපාංග චාජ් කරද්දී , ඔබ නින්දේ ඉද්දි එක්කො වෙරිමතේ ඉද්දි මේවගේ තැන්වල මිතුරු වෙසින් ඉන්න අයට ඔබේ පුද්ගලිකත්වය අත්පත් කරගන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්.

සැගවුනු කැමරා

ඔබ ඇදුම් ඉවත් කරන ස්ථාන ගැන මොකද හිතන්නේ. ෆිටෝන් රූම්ස්, පොදු වැසිකිලි, ව්‍යායාම් මධ්‍යස්ථාන , සැලෝන් ඒ විතරක් නෙවෙයි ඔබේ ගෙදර නාන කාමරයේ ගෙදර කාමරයේ උනත් රහසිගත කැමරාවක් තියනව වෙන්න පුළුවන්. ඒවගේම ඔබ නවාතැන් හල්, හෝටල් කාමර තුලදීත් අනාරක්ෂිතයි. එතනදි ඇදුම් මාරු කරන , නාන , ශරීර කෘත්‍ය කරන බව පෙනුනත් , පුද්ගලිකත්වය ලෝකෙම අය බලද්දි ඔබට ලැජ්ජාවක් නොදැනෙයි කියල කියන්නෙ කොහොමද?

ෆෝන් එක කැඩුනම..

ලීක් වුනු බොහෝ පුද්ගලික ඡායාරූප වීඩියෝ ලීක් උනේ මෙහෙමයි. ඔබ ඔබේ දුරකතන , කම්පියුටර් ආදිය අලුත්වැඩියා කරන්න භාර දුන් අවස්ථා වල ඔබ නොදැනුවත්වම කොහේ හෝ save වෙලා තිබුනු ඔබේ පුද්ගලික ඡායාරූප පිටස්තර පාර්ශව අතට ලැබෙන්න පුළුවන්. අපි ඩිලීට් කරා කියල හිතුනු ෆයිල්ස් trash folder වල සැගවිලා තියෙන්න පුළුවන්. ඩිලීට් වුනු ෆයිල්ස් නැවත ලබා ගන්නත් ඕනිතරම් ඇප් තියන නිසා මේවා බොහෝ පහසු දේවල්.

ඉතින් අද කෙනෙකුගේ ලීක් වීඩියෝ එකක් බලලා, ශෙයා කරලා සතුටු වෙන ඔබට හෙට ඔබේම සොයුරියගෙ වීඩියෝවක්, උනත් ලැබෙන්න පුළුවන් නිසා එයට සූදානමින් ඉන්න කියල ත් මතක් කරන්න කැමතියි.