රුධිරයේ අධික සීනි මට්ටම කියන්නේ දියවැඩියා රෝගීන්ගේ පමණක් රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පැවතීම පමණක් නොව එය බොහෝ දෙනෙකුට ඇති රෝග තත්ත්වයක් වශයෙන් හදුන්වන්නට පුළුවන්. ඕනෑම පුද්ගලයෙකු මේ නිසා පීඩා විඳිය හැකි අතර මේ මඟින් ස්නායු, රුධිර නාල සහ අවයව වලට හානිස සිදුවිය හැකියි. ඉතින් එහි සංකූලතා වැලැක්වීමට නම් දෛනිකව පරිභෝජනය කරන සීනි ප්‍රමාණය සීමා කිරීම හා මුල් කාලයේදීම රෝග ලක්‍ෂණ හඳුනා ගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. ඉතින් ඔබේ රුධිරයේ සීනි මට්ටම අධික බව පෙන්වන ලක්‍ෂණ 5ක් අද අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.
1.නිතර නිතර මූත්‍රා කිරීම

රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වූ විට වකුගඩු වලට තරලය නැවත අවශෝෂණය කරගත නොහැකි වී ශරීරයේ, රුධිරයේ හා සෛල වල ඇති ග්ලූකෝස් සාඳ්‍රණය සමාන කිරීමට උත්සාහ කරමින් රුධිරය අන්තර් සෛලීය තරලයකින් විසුරුවා හරින අතර එමඟින් ග්ලූකෝස් සාඳ්‍රණය සාමාන්‍ය තත්වයට ගෙන එනු ලබනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවීමයි.
2.නිතර කුසගිනි ඇතිවීම

රුධිරයේ අධික සීනි මට්ටම සෛල තුළට ග්ලූකෝස් ඇතුල් වීම වළක්වයි. එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරයට ශක්තිය නොලැබෙන අතර එය නැවත නැවතත් කුසගිනි ඇතිවේ. මෙය ඔබට නිරන්තර ආහාර ගැනීමට හේතුවක් වෙනවා.
3.ශරීරයේ බර අඩුවීම
නිතර නිතර මුත්‍රා කිරීම නිසා සිදුවන තරල අඩුවීම, ග්ලූකෝස් පරිවෘත්තීය සඳහා ඉන්සියුලින් මට්ටම ප්‍රමාණවත් නොවී ශරීරය මේදය දහනය වෙත මාරු වීම සහ ග්ලූකෝස් ඉහළ මට්ටමක ඇතිවිට ශරීරය අතිරික්ත ග්ලූකෝස් ඉවත දැමීමට උත්සාහ කිරීම වැනි හේතු නිසා අධික ග්ලූකෝස් මට්ටමක් සහිත හා කැලරි රැසක් අඩංගු ආහාර වේල් නිතරම අනුභව කළද කෙටි කාලයක් තුළ ඔබේ බර අඩු වීම සිදුවේ.

4.වියළි මුඛය සහ අධික පිපාසය
තරල නැතිවීම සඳහා ප්‍රතිචාරයක් වශයෙන් වියළි මුඛය සහ අධික පිපාස තත්ත්වයක් ඇතිවිය හැකියි. මෙහිදී විජලනයේ මට්ටම තක්සේරු කර පිපාසය ඇති කරන හයිපොතලමස් මොළයට අනුරූප සංඥාවක් යවන අතර එවිට ඔබට සීනි ද්‍රාවණයක් පානය කිරීම ප්‍රතික්‍ෂේප කළ නොහැකි තත්ත්වයක් උදා වෙනවා. නමුත් මහිදී ඔබ සීනි නොමැතිව ජලය හෝ තේ තෝරා ගන්නේ නම් වඩා හොඳයි.
5.අධික තෙහෙට්ටුව

අධික ලෙස රුධිරයේ සීනි මට්ටමක් ඇති විට ශරීරයට ග්ලූකෝස් නිසි ලෙස ගබඩා කර අවශෝෂණය කරගත නොහැකි තත්ත්වයක් උදා වන අතර එවිට ශක්තිය අකාර්‍යක්‍ෂම ලෙස භාවිතා වීමෙන් ශරීරයේ සෛල වලට අවශ්‍ය ඉන්ධන නොලැබී යනවා. මේ සියල්ල හේතු කොට ගෙන පුද්ගලයෙකුට බොහෝ විට වෙහෙසකාරී තත්ත්වයක් දැනෙනවා.