ලංකාවේ කෙනෙක් විභාග වලදි ගන්නා ලකුණු මත තමයි බුද්ධිමත්ද නැද්ද යන එක තීරණය කරන්නේ. හැබැයි විද්‍යාඥයින් සොයාගෙන තියෙන විදිහට අපි එදිනෙදා ජීවිතේ කරන සමහර වැඩ වලින් බුද්ධිමත් කෙනෙක් ද සාමාන්‍ය කෙනෙක් යන තීරණය කරන්න පුළුවන් වෙනවා.
සීතල වතුරේ නාන පුද්ගලයන්
සමහර පුද්ගලයන් කොයිතරම් සිතලක වුවද උදේ පාන්දර සීතල වතුර නාන නිර්භීත බව අප දන්නවා. සමහර විට ඔබත් එසේ කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. විද්‍යාඥයන් මේ මෑතකදී එසේ සීතල වතුර නාන පුද්ගලයන්ගේ බුද්ධිය වැඩි බව පරීක්ෂණයකින් ඔප්පු කර පෙන්වා තිබෙනවා.මෙසේ උදේ පාන්දර සීතල වතුර නෑමෙන් අපෙ ශරීරයට වන වාසි රැසක්ද මෙම වාර්තාවේ සදහන් වෙනවා.මෙම වාර්තා වලට අනුව සිතල වතුර නාන එකෙන් මතකය වැඩි වෙන එක, mood fix වෙන එක , ආතතිය හා පීඩාව දුරු විම සිදු වෙනවා.පුද්ගලයෙක් කිසිම පැකිලීමකින් තොරව සීතල වතුරේ නානවා නම් එය බුද්ධිමත් බවේ ලක්ෂණයක් ලෙස හදුන්වන්න පුලුවන්.
පිලිවෙලක් නැතිකම
සමහර පුද්ගලයන්ගේ කාමර ලස්සනට පිළිවෙලට තියෙනකොට තවත් අයගේ කාමර පිලිවෙලක් නැතුව හැඩි වෙලා තියෙනවා දැකගන්න පුළුවන්. විද්‍යාඥයන් පවසන විදිහට නිර්මාණාත්මක පුද්ගලයන් තමයි තමන්ගේ කාමර අපිලිවෙලට තියාගෙන ඉන්නේේ.ඒ වගේම පිලිවෙලට අකුරු ලියන මිනිස්සුන්ට වඩා අපිළිවෙළට කැතට අකුරු ලියන මිනිස්සු බුද්ධිමත් බව ඒ පරීක්ෂකයන් සොයා ගන්න සමත් වෙලා තියෙනවා.එසේ කියන්න හේතුව වන්නේ මෙම පුද්ගලයන්ගේ හිස ඇතුලෙන් දත්ත සකසන වේගය වැඩි නිසා එ වේගයට අකුරු ලියන්න බැරුව නිකංම අත් අකුරු කැත වීම සිදුවෙනවා.
මහ රෑ වෙනකං ඇහැරිලා සිටිම
කවුරු හරි අනෙක් අයට වඩා රෑ වෙනකං ඇහැරිලා ඉඳලා පහුවෙලා නින්දට යනවා නම් ඔහුට හෝ ඇය අනිත් අයට වඩා බුද්ධිමත් බව විද්‍යාඥයන් තහවුරු කරලා තියෙනවා මෙසේ රෑ වෙනකන් ඇහැරලා සිටිමේන් මිනිසුන්ගෙ නිර්මාණශීලී චින්තනය පවා වැඩි වෙන බව සොයාගෙන තියෙනවා.
නරක වචන කියන පුරුද්ද
සමහර මිනිස්සු හරිම තැන්වලට ගලපලා නරක වචන කියවනවා ඔබට වුණත් ඇහිලා තියනවානවා (Double meaning) මෙහෙම කරන එක අපි නරක මෝඩ වැඩක් කියල හිතුවට ඇත්තටම ඒ බුද්ධිමත් බව පෙන්වන ලක්ෂණයක් වෙනවා මොකද එසේ කියන්නත් නිර්මාණශීලි මොළයක් තියෙන්න ඕනි. එහෙම බැලුවම නරක වචන කියන එක භාෂාව හොඳින් තැනට ගැළපෙන ලෙස හසුරවන්න පුළුවන් බුද්ධිමත් බවේ සාක්ෂියක්.
පොත්පත්වල කුරුටු ගාන එක
කවුරුහරි එක්ක කතා කරනකොට ජංගම දුරකථන ඇමතුමක් ලබා ගන්නා විට සමහර මිනිස්සු තමන් අත පෑනක් පැන්සලක් තිබුනත් එක එක තැන් වල කුරුටු ගාන්න පුරුදුවෙලා තියෙනවා එවැනි පුද්ගලයින් බුද්ධිමත් වගේම මෙසේ නො කරන පුද්ගලයින්ට වඩා මතක ශක්තිය වැඩි බවද විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා.
නිතර නිතර විහිලු කරන පුද්ගලයන්
යම් පුද්ගලයෙක් නිර්මාණාත්මක විහිලු නිතර නිතර කරනවා නම් ඇත්තටම ඔහුගේ මොලය අන් අයගේ මොලේට වඩා බුද්ධිමත් බව කියවෙනවා මිනිස්සු කිහිප දෙනෙක් කථා කරකර ඉන්න තැනකදීඑම කතාබහට සම්බන්ධව විහිළුවක් කරන්න පුද්ගලයෙක්ට නිර්මාණශීලී මොළයක් අවශ්‍යයි. ගැලපෙන ලෙස නිර්මාණශීලී විහිළු කිරීම ද බුද්ධිමත් බවේ ලක්ෂණයක් බව මීට පෙර ඔබ දැන සිටියාද
තනිව සිටින පුද්ගලයන්
සමහර මිනිසුන් කණ්ඩායම් වශයෙන් සිටීමට ප්‍රිය කළත් තවත් සමහර මිනිසුන් තනිව සිටීමට ප්‍රිය කරනවා අන්න එහෙම තනිව සිටින පුද්ගලයන් බුද්ධිමත් බව තමයි විද්‍යාඥ සොයාගනු ලබන්නේ මේකට හේතුව තනිව සිටින මිනිසුන් ගොඩක් දේවල් තමන් විසින්ම කරන්න උත්සාහ කරන නිසා ඔහුගේ මොලය එයට ගැළපෙන ලෙස හදාගන්න හුරුවෙලා තියෙනවා.