latest articles

උදේට නැගිටපු ගමන් වතුර වීදුරුවක් බීමෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ 5ක්

ජලය එහෙමත් නැත්නම් වතුර කියන්නේ අපිට ජීවත් වෙන්න අවශ්‍ය කරන දෙයක්. කෑම නැතුව ටික කාලයක් ජීවත් වෙන්න පුළුවන් වුණත් වතුර නැතුව නම් ටික කාලයක්වත් ජීවත් වෙන්න බැහැ. අපි දවසේ හැමවෙලාවකම වගේ වතුර බොනවා උනාට රෑට නිදාගෙන ඉඳලා උදේ හිස් බඩ වතුර වීදුරුවක් බිව්වම ගොඩක් වාසි අපිට ලැබෙනවා. හැබැයි එහෙම වතුර බොන්න ඕනේ උදේ කට හෝදෙන්නෙවත් නැතිවයි.  ඉතිං අද අපි මේ ලිපියෙන් ඔයාට කියන්න යන්නේ උදේට නැගිටපු ගමන්  වතුර බිව්වම ඔයාට ලැබෙන වාසි මොනවාද කියලයි.

1.බඩේ ආම්ලිකතාවය අවම වීම​

රෑට අපි නිදාගෙන ඉද්දි ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය රෑ පුරාම නිපදවෙනවා.  මේ හේතුවෙන් අපි උදේට නැගිටිනකොට  බඩේ කෑම මුකුත්ම නැති නිසා  අජීර්ණ තත්ත්වයක් ඇතිවෙලා පපුවේ දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකට හොඳම විසඳුම තමයි උදේ අවදි වුන ගමන්ම හොඳට වතුර බොන එක. එහෙම කලොත් ඔයාගෙ බඩේ ආම්ලිකතාවය අඩු කරගන්න පුලුවන් වගේම බඩේ අජිර්ණ තත්ත්වයන් ඇති වන්නේත් නැහැ. 

2.බඩවැල් වල ක්‍රියාකාරීත්වය හොඳින් සිද්ධවෙනවා

උදේම රස්නෙ වතුර වීදුරුවක් බිව්වම බඩවැල්වල ක්‍රියාකාරීත්වය හොඳින් සිද්ධ වෙලා මල බද්ධය වගේ තත්වයන් ඇතිවීම වලක්වා ගන්න පුළුවන්. ඒවගේම තමයි උදේ වෙද්දිත් ජීර්ණ වෙලා නැති කෑම කොටස් තියනවනම් ඒවා  ජීර්ණය කරන්න උණුසුම් වතුර වීදුරුවකට පුළුවන්. 

3.ශරීරයේ  බර අඩු කරගන්න පුළුවන්

ඔයා ශරීරයේ බර අඩුකර ගැනීමට මහන්සි වෙන කෙනෙක් නම් ඒකට තියෙන හොඳම ක්‍රමයක් තමයි හොඳට වතුර බොන එක. උදෙන්ම වතුර වීදුරුවක් බිව්වොත් ඔයාගේ ඇඟේ කැලරි දහනය කර ගන්න ඒක උදව් වෙනවා.  කැලරි විතරක් නෙවෙයි ශරීරයේ තියෙන වැඩිපුර මේදය දහනය කරන්නත් ඔයා මේ බොන වතුර වීදුරුවට පුළුවන්. 

4.සන්ධි වල​ ක්‍රියාකාරීත්වය යහපත් වීම​

ඕනෑම බර අඩු කර ගන්න පාවිච්චි කරන සැලැස්මක අනිවාර්යයෙන්ම දෙයක් තමයි ව්‍යායාම කිරීම. ඒ වගේම හොඳට වතුර බීලා ව්‍යායාම කරාම පෙනහලු, හෘදය වගේම අනිත් අවයවවල ක්‍රියාකාරිත්වය හොඳින්ම සිදුවෙනවා. ඒ වගේම තමයි මාංශ පේශි වල තෙහෙට්ටුව නැති කරගන්න වතුර උපකාරී වෙනවා.

5.විජලනය​ වළක්වා ගන්න පුළුවන්

විජලනය කියන්නේ අපේ ඇඟේ වතුර අඩුවන නිසා ඇතිවන තත්ත්වයක්. විජලනයේදී ඔයාගෙ ඇඟේ තියෙන ජල ප්‍රමාණය අයින් වෙලා ගිහින් ඔයාගේ හම වියලීමට ලක් වෙනවා. ඉතින් මේකෙ ගොඩක් නරක තත්ත්වයක්. විජලනය නිසා ප​සුකාලීනව ගොඩක් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නත් පුළුවන්. මේක වළක්වා ගන්න නම් ඔයා හොදට වතුර බොන්න ඕන. ඒ නිසා උදේ ඇහැරුණු ගමන්ම වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන්න.