latest articles

ඇඳට වැටුණ ගමන් නින්ද යන්න නම් මේ දේවල් අනුගමනය කරල බලන්න​

සුවපහසු නින්දක් ලබාගන්න අකමැති කෙනෙක් ලෝකයේ කොහේවත් නැහැ. සියලු දෙනාම කැමති සුවබර නින්දක් ලබන්නයි. ඉතින් අපි හිතුවා කෙටි වෙලාවකින් ඉක්මනින් නින්දට පත්වීමට උපකාරී වන  ක්‍රම 5ක් ගැන මේ ලිපියෙන් කතා කරන්න​. නින්ද නොයෑමේ ගැටළු වලින් පෙළෙන එහෙමත් නැත්නම් ඉන්සොම්නියා තත්ත්වයෙන් පෙළෙන අයට මේ ක්‍රම භාවිතයෙන් පහසුවෙන්ම මනස සැහැල්ලු කරගනිමින් ක්‍රමයෙන් සුව නින්දක් ලබාගන්නට හැකි වේවි කියලා අපි විශ්වාස කරනවා.

1.සිසිල් ජලයෙන් මුහුණ සෝදන්න

සිසිල් ජලයෙන් මුහුණ සෝදාගෙන නිදාගැනීමට සූදානම් වීමෙන් ඔබේ හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය පහළ දැමීම සිදුකරන අතර ඉන් ඔබව වඩාත් සැහැල්ලු නින්දකට සූදානම් කරවීම සිදුවේ.

2.මේදය අඩු චීස් අනුභව කරන්න

රාත්‍රි කාලයේ පාන් සමඟ මේදය අඩු චීස් ආහාරයට එකතු කර ගන්නේ නම් ඉන් ඔබේ ආමාශයට ඇතිවන අපහසුතාව අවම කරයි. එහි අඩංගු ට්‍රිප්ටෝෆන් නම් ඇමයිනෝ අම්ලය නිදි උත්තේජකයක් නැතහොත් නින්ද ලබාදෙන ආධාරකයක් ලෙස ක්‍රියා කරමින් සුවබර නින්දක් ලබාදෙයි.

3.පාද උණුසුම්ව තබා ගැනීමට මේස් පළඳින්න

කකුල් මේස් වලින් ආවරණය කර උණුසුම් කිරීම නිසා රුධිර ප්‍රවාහය මධ්‍යයේ සිට සිරුර පුරා නැවත ගමන් කිරීමට පටන් ගනියි. සිරුර පුරා ඇතිවන උණුසුමත් සමඟ ඔබේ මොලය මේ නිදාගන්නට සුදුසුම වෙලාව බව ඔබට සංඥා කරයි.

4.කකුල් වල ඇඟිලි මිරිකන්න

පාද උණුසුම්ව තබා ගැනීමට මේස් පළඳා පාද උණුසුම් වී ඇති අතරේ පාද වල ඇඟිලි මාරුවෙන් මාරුවට තෙරපමින් සැහැල්ලු කිරීම සිදු කරන්න. සෑම මිනිත්තු 10 කට සැරයක් එය සිදුකරන්න. අනතුරුව නිදාගැනීමට උත්සාහ කරන්න. මෙම සම්බාහනයෙන් ඔබේ සිරුරේ ඇති ආතතීන් බොහෝ දුරට දුරුවි ඔබට සැහැල්ලු බවක් දැනේවි. මෙය මාංශ පේශීන් ලිහිල් කිරීම සඳහා භාවිතා වන ශිල්ප ක්‍රමයකි.

5.දවස ගෙවී ගිය ආකාරය සිහිපත් කරන්න  

ඔබ දවස ගෙවූ ආකාරය ඔබේ මනසින් අග සිට මුලට නැවත ආවර්ජනය කිරීම මඟින් ද ඉක්මන් නින්දක් ලබා ගැනීමට පුළුවන්. මෙය එක් ප්‍රතිලෝම මනෝවිද්‍යාත්මක ක්‍රමයක්ද වෙනවා. ඔබ දවසේ සිදුකල වැදගත්ම දේවල් මොනවාද යන්න සිහි කරමින් ඔබේ මනසේ කලබලකාරී සිතිවිලි බැහැර කර ඔබේ මනස සැහැල්ලු කරගැනීමට සහ සන්සුන් කරාගැනීමට ඔබට උපකාරී වන වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

6.දණහිසට යටින් කොට්ටයක් තබා ගන්න

දණහිසට යටින් කොට්ටයක් තබා ගැනීම මඟින් කොඳු ඇට පෙළට එල්ල වන පීඩනය අවම කරන අතර පහළ කොඳු ප්‍රදේශයේ ස්වභාවික වක්‍රය එලෙසින්ම ආරක්‍ෂා වීමට ඉඩසලසයි. එය ඔබට නිදාගැනීමට පහසුවක් ඇති කරයි.