latest articles

ඇඟේ උෂ්ණ ගතිය නැති කර ශරීරය අභ්‍යන්තරයෙන් සිසිල් කරන ආහාර වර්ග 7ක්

මිනිස් ශරීරයේ හටගන්නා බොහොමයක් රෝගවලට ශරීරයේ පවතින අධික උෂ්ණභාවය හේතු වෙනවා. ඇඟ සිසිල් කරන ආහාර ලබාගැනීමෙන් එම රෝග බොහෝමයක් නැතිකර නිරෝගීමත් ශරීරයක් ලබා ගැනීමට ඔබට පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ ඇග සිසිල් කරන ආහාර වර්ග කිහිපයක් ගැන තමයි අද අපි මේ ලිපියෙන් ඔයාලට අරගෙන ආවේ. 

1.නෙල්ලි

නෙල්ලි කියන්නේ විටමින් C බහුල පලතුරක්.මේ දවස් වල තියෙන උෂ්ණත්වය මගහරවා ගන්න නෙල්ලි වලින් අපිට පුළුවන්. ප්‍රතිඔක්සිකාරකයක් ලෙස නෙල්ලි ක්‍රියාකරන නිසා ලෙඩ රෝග සෑදීමේ ප්‍රවණතාවයද අඩු කරනවා. ආයුර්වේදයට අනුව බාහිර වශයෙන් ඇස් වලට හිතකර, දාහය නසන, කෙස් වඩන ඔසුවක් ලෙස නෙල්ලි හඳුන්වනවා. 

2.පිපිඤ්ඤා

ඇඟ සිසිල් කරන එළවළුවක් වගේම පලතුරක් ලෙස පිපිඤ්ඤා හඳුන්වන්න පුළුවන්. උෂ්ණය සහිත කාලගුණයක් වැඩිපුර පවතින කාලවලදී ටිකක් වැඩිපුර පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ යන්න නොදී පාලනය කරගන්න පුළුවන්. ආහාර ජීරණය පහසු  කිරීමත් මෙයින් සිදු වෙනවා. ඒ නිසා මලබද්ධය වැනි තත්ත්වයන්ද ඇති වන්නේ නැහැ. 

3.රණවරා

රණවරා මල් තැම්බූ වතුර උණුසුම් වුවත් එයින් ඇඟ නිවෙනවා. දහඩිය බිබිලි, ඇඟ කැසීම් වළක්වා ලේ පිරිසිදු කිරීමේ ගුණයද සහිතයි. 

4.සව් කැඳ

රස්නෙ දවස්වල ඇඟ නිවා ගන්න භාවිතා කරන්න පුළුවන් රසවත් පානයක් ලෙස සව්කැඳ හඳුන්වන්න පුළුවන්. 

5.කැකිරි

උෂ්ණ කාලෙට සුදුසු ලෙහෙසියෙන් සපයා ගත හැකි ආහාරයක් තමයි කැකිරි. වෑංජනයක් ලෙස ඉවීම කළ හැකියි. ඇඟ නිවෙන අතර ආහාර දිරවීමත් පහසු කරනවා. ආහාර ජීරණ පද්ධතිය ශක්තිමත් කරවන අතර ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව සහිතයි. 

6.තැඹිලි වතුර

ඇඟ නිවන ඔසුවක් ලෙස අපගේ දේශීය වෙදකමේ බහුලව යොදා ගැනෙනවා. තැඹිලි  වතුරෙහි තියෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැළැක්වීමේ ඖෂධීය ගුණයක් එහි තිබෙනවා.