latest articles

ආයුෂ වැඩි කරන ආහාර  වර්ග​ 6ක්

මිනිසාගේ පැවැත්මට ඉවහල්වන ආහාර හා ව්‍යායාම කියන්නේ නීරෝගී දිවියකට අඩිතාලමක්. ඔබ දෛනිකව පරිභෝජනයට ගන්නා ආහාර වේල ඔබේ සෞඛ්‍යට ඍජුවම බලපෑම් සිදු කරනවා. නිරන්තරයෙන්ම ඔබට ඇස ගැටෙන සමහර ආහාර ඔබගේ ආහාරයට දිනපතා එක්කර ගැනීමෙන් ප්‍රතිශක්තීකරණය වර්ධනය වී  නීරෝගීව දිගු කලක් ජීවත් වීමට හැකියාව ලැබෙනවා. ඒ වගේ ආයුෂ වැඩි කරන ආහාර 6ක් ගැන තමයි අද ලිපියෙන් කියන්න යන්නේ.

1.කොළ පැහැති එළවළු

කොළ පැහැති එළවළු ආහාරයට ගැනීමෙන් සිරුරේ සමබරතාවය, රුධිරවාහිනී ආරක්‍ෂාව, ඇස් පෙනීමේ වර්ධනය හා දියවැඩියා මර්ධනය වීම සිදුවෙනවා. කොළ පැහැති එළවළු ලෙස ගෝවා, බෝංචි, මෑ කරල්, කරවිල, වැටකොළු, පතෝල හා ලීක්ස් දක්වන්න පුළුවන්.

2.ධාන්‍ය වර්ග

මෙමඟින් ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම හා ක්ලොස්ටරෝල් මර්ධනය සිදුවේ. මුං ඇට, කවුපි, කඩල වැනි ධාන්‍ය සතියකට දෙවරක් අනුභව කිරිමෙන් මුඛයේ, බඩවැලේ, මහන්ත්‍රයේ හා වකුගඩු පිළිකා වර්ධනය 50% කින් අවම කරනවා.

3.හතු

හතුවල අන්තර්ගත රසායන සංයෝග ඊස්ට්‍රජන් නිෂ්පාදනය අවහිර කරන අතර එය පියයුරු පිළිකා මැඩ පැවැත්වීමට ද හේතු වෙනවා. එය ආසාදන මැඩපැවැත්වීම, ප්‍රතිශක්තීකරණය වර්ධනය, DNA විනාශ වීම වැලැක්වීම, පිළිකා සෛල වර්ධනය මැඩපැවැත්වීම හා විනාශ කිරිම සිදු කරයි.

4.ලූණු

රතු ලූණු, සුදු ලූණූ, හා ලීක්ස් අනුභවය හෘදරෝග වලක්වා ප්‍රතිශක්තිකරණය පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය ඇති කරනවා. ඔබ ලූණු ගෙඩියක් සුද්ධ කරන විට ඇස් දැවිල්ල ගන්නේ ලුණු ගෙඩියෙන් පිළිකා නාශක සංයෝග නිකුත් කිරීම හේතුවෙනි. එමෙන්ම පුරස්ථි ඉඳ්‍රයේ පිළිකා හා මහාන්ත්‍රයේ  පිළිකා, ගෑස්ට්‍රයිටීස් වැනි ආබාධ මැඩ ලැවැත්විය හැකියි. එමෙන්ම රතුලූණු වල අන්තර්ගත Quercetin සංයෝගය හේතුවෙන් පටක වර්ධනය, ආරක්‍ෂාව පිළිකා වර්ධක සෛල විනාශ වීම සිදු වේ.

5.බෙරීස් වර්ග

බෙරීස් වර්ගයට අයත් ස්ටෝබෙරි, බ්ලූබෙරි, බ්ලැක්බෙරි හා රාස්බෙරි වැනි පළතුරු පරිභෝජනයෙන්ද හෘදරෝග දියවැඩියාව හා පිළිකා අවධානම අඩු කරනවා. එමෙන්ම මතක ශක්තිය වර්ධනය කරන DNA විනාශ වීම වලක්වා පටක සෛල වර්ධනය කර ආසාදන මැඩ පවත්වයි.

6.ඇට වර්ග

කජු, කඩල, රටකජු, මෙනේරි, කොට්ටම්බා වැනි ඇට වර්ගවල ඛණිජ ලවන, මිනරල් හා ඔමේගා 03 මේද අම්ල, විටමින් E හා කැල්සියම් අන්තර්ගත වන අතර හෘද රෝග දියවැඩියාව වලක්වා සිරුරේ සමබරතාවය රකියි.