latest articles

අව්ව නිසා කළු වුණ සම පැහැපත් කරගන්න නිවසේදීම කල හැකි සත්කාර 3ක්

කාන්තාවන් ගොඩක් දෙනෙක් වගේ හරිම අකමැතියි අව්වෙ ඉඳන් වැඩපල කරන්න. ඒ වගේම අව් රශ්මිය තියෙන වේලාවල් වලදි අපේ කාන්තාවන් එළියට නම් බහින්නෙ නෑ නේද. එසේ කරන්නෙ ඔබගෙ සම ගැන වගේම ඔබගෙ සුන්දරත්වය ගැනත් වැඩිපුර අවදානයෙන් ඉන්න නිසා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු නිසා අපි අද කතා කරන්න යන්නෙ අව් රස්නය නිසා සම කළු වෙන භයෙන් ඉන්න ඔයාට  ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම කීපයක් ගැන.

01.කෝමාරිකා සත්කාරය 

කෝමාරිකා මඟින් සමේ අඳුරු වර්ණක අඩු කිරීමට උදව් වෙන අතරම සමට නිරෝගී දිලිසීමක් ලබා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කෝමාරිකා ජෙල් මේස හැඳි 1 ක්
  • පිපිඤ්ඤා 1 ක්
  • මී පැණි මේස හැඳි 1 ක්

සත්කාරය කරන ආකාරය​ : 

පිපිඤ්ඤා යුෂ , කෝමාරික යුෂ සහ මී පැ ණි ටික එක් කරගනිමින් මිශ්‍රණය සාදා ගන්න​.  සමේ අඳුරු පැහැ ගැන්වී ඇති ප්‍රදේශවලට අලේප කරලා විනාඩි 20 ක් තබන්න.පසුව සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න​.

02.පැපොල් සත්කාරය​

පැපොල් මඟින් සම මතුපිට තියෙන  මිය ගිය සෛල ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඒ හරහා නැවත ඔයාගේ සමේ ස්වාභාවික වර්ණය යථා තත්වයට පත් කර ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඉදුණු පැපොල් 1
  • ලෙමන් 1

සත්කාරය කරන ආකාරය​ : 

පැපොල් ගෙඩිය කැබලි වලට කපලා බ්ලෙන් ඩර් කරගන්න. පසුව​ ඒ යුෂ ටිකට ලෙමන් ගෙඩියක යුෂ මිරිකලා එක් කරන්න.මෙම පේස්ට් එක ඔබේ සමේ අඳුරු පැහැ ගැන්වූ තැන් වල ආලේප කරලා විනාඩි 10 ක් තබලා හොඳින් සෝදා හරින්න.

03. තක්කාලි සත්කාරය​

සූර්යාගෙන් නිකුත්වන අහිතකර පාරජම්බූල කිරණ මඟින් සමට බොහෝ හානි සිදු වෙනවා. ඉතින් දැඩි හිරු රශ්මිය නිසා අඳුරු වුණු ඔයාගේ සම යතා තත්ත්වයට පත් කරගන්න මෙම තක්කාලි සත්කාරය ඔයාට උදව් වෙනවා. අපි දැන් බලමු මේ සත්කාරය කරගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය ;

  • තක්කාලි ගෙඩි 1-2 ක්
  • ලෙමන් යුෂ තේ හැඳි 1 ක්

සත්කාරය කරන ආකාරය​ : 

මුලින්ම තක්කාලි ටික බ්ලෙන්ඩර් කරලා පේස්ට් එකක් හදාගන්න​. එයට ලෙමන් යුෂ ටික එක් කරගෙන හොඳින්  මිශ්‍ර කරගන්න​. ඉන්පසු හිරු රශ්මිය නිසා අඳුරු වුණ ප්‍රදේශ වලට වැඩි අවදානයක් යොමු කරමින් මේ මිශ්‍රණය සමේ ආලේප කරගන්න​. ආලේප කර විනාඩි 15ක් 20ක් පමන තිබෙන්නට හැර සීතල වතුරෙන් සෝදා හරින්න​. මේ සත්කාරය සතියකට දෙවතාවක් පමණ කිරීමෙන් ඉක්මණින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.