latest articles

අවපැහැ ගැන් වුණු දෙතොල් සඳහා ස්වභාවික සත්කාර 6ක්

තරුණියකගේ දෙතොල් නිතර නිතර වියළීමට, කළු පැහැති වීමට මෙන්ම දෙතොල් පැළී තුවාල වීමට ලක්වේ නම් එය ඇයගේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම​  ඇයට මානසිකව පීඩනයක් ඇතිවීමට හේතුවෙනවා. තොල් කළු වුනාම මුහුණට ලොකු අඳුරු ගතියක් එනවා. කොච්චර සුදු වුනත් තොල් කළුයි නම් හරිම කැතට ඒක පේනවා.ඔයාලා ස්වභාවිකවම ලස්සන සිනිඳු රෝස පැහැති තොල් වලට ආසා නම්, ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ස්වභාවික සත්කාර කිහිපයක් ගැන තමයි මේ ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ.

01.දෙහි

රාත්‍රී නින්දට පෙර දෙහි බිංදු කිහිපයක් ගෙන ඔබේ තොල්වල අලේප කරන්න. මාස දෙකක් පමණ එක දිගට දෙහි සත්කාර කලොත් තොල්වල අඳුරු පැහැය ඉවත් කරගත හැකි.තරමක් තුනී දෙහි පෙත්තක් ගෙන එයට සීනි ටිකක් එක්කරගෙන එය ඔබේ දෙතොල් වල හොඳින් අතුල්ලන්න (Scrub කරන්න) එමගින් ඔබේ තොල් මත ඇති මැරුණු සම ඉවත් වේ. සති දෙකක් පමණ මෙම ප්‍රතිකාරය කරන්න.

02.රෝස වතුර

රෝස බිංදුවකට මී පැණි බිංදු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍රකර තොල්මත අලේප කරන්න. දිනකට දෙතුන් වාරයක් මෙසේ කිරීමෙන් ඉක්මන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

03.ඔලිව් තෙල්

උසස් තත්වයේ ඇති ඔලිව් තෙල් බිංදු කිහිපයක් ගෙන ඔබේ තොල් මත ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. දිනපතා නින්දට පෙර මෙය සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න.

04.සීනි

සීනි තේ හැන්දක්, මී පැණි තේ හැන්දක් සහ ඔලිව් තෙල් තේ හැඳි භාගයක් ගෙන හොඳින් මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් සතියකට සැරයක් ඔබේ තොල් හොඳින් සම්බාහනය කරන්න.

05.බීට් රූට්

නැවුම් බීට් යුෂ ස්වල්පයක් ගෙන රාත්‍රී නින්දට පෙර ඔබේ තොල්වල ආලේප කර උදෑසන සෝදා හරින්න.

06.බීට් සහ කැරට් යුෂ

සම ප්‍රමාණ වලින් ගෙන මිශ්‍ර කර ඔබේ තොල් මත ආලේප කර විනාඩි 10 කින් පසුව මද රස්නේ වතුරෙන් සෝදා හරින්න.