වයස, දේශගුණය සහ ආතතිය වැනි බොහෝ සාධක අපේ සමට බලපානවා. එබැවින් කුඩා කළ සිටම සම ආරක්ෂා කරගැනීමට අපට සිදු වෙනවා. එමනිසා නිවසේදීම සාදාගන්න පුළුවන් ඔබේ සම නිරෝගී කරන ස්වාභාවික Face Mask වට්ටෝරු 7ක් තමයි අද අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ.
1. තක්කාලි සහ බේකිං සෝඩා Face Mask

වට්ටෝරුව:
- තක්කාලි ගෙඩියක් මිරිකා ගන්න
- බේකිං සෝඩා තේ හැදි 2 ක් සමඟ මිශ්ර කරන්න
- එය ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 10 ක් තබන්න
- සීතල වතුරෙන් සෝදා හරින්න
2. අලිගැටපේර සහ මීපැණි Face Mask

වට්ටෝරුව:
- ඉදුණු අලිගැටපේර ගෙඩියක් ගෙන ඉන් ඉස්ම ලබා ගන්න
- එය මී පැණි මේස හැන්දක් සමඟ මිශ්ර කරන්න
- ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 15 ක් තබන්න
- මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න
3. පිටි සහ අර්තාපල් යුෂ Face Mask

වට්ටෝරුව:
- අර්තාපල් ගෙඩියක යුෂ සහ පිටි තේ හැදි 6 ක් මිශ්ර කරන්න
- සම මත මෘදු ලෙස ආලේප කරමින් සම්බාහනය කරන්න
- මිනිත්තු 15 ක් තබන්න
- මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න
4. පිපිඤ්ඤා සහ කහ Face Mask
වට්ටෝරුව:
- පිපිඤ්ඤා ගෙඩියක් බ්ලෙන්ඩ් කරගන්න
- කහ තේ හැදි 1 ක් එකතු කර මිශ්ර කරන්න
- සම මත ආලේප කර විනාඩි 10-15 ක් තබන්න
- එය පිරිසිදු ජලයෙන් සෝදා හරින්න

5. ලෙමන් යුෂ සහ පැපොල් Face Mask
වට්ටෝරුව:
- පැපොල් ඉස්ම මේස හැදි 1 ක් දෙහි යුෂ බිංදු 4 ක් සමඟ මිශ්ර කරන්න
- මිනිත්තු 10-12 අතර කාලයක් මුහුණේ ආලේප කර තබන්න
- සීතල පිරිසිදු ජලයෙන් සෝදා හරින්න
6. Green Tea සහ කෝමාරිකා Face Mask

වට්ටෝරුව:
- කෝමාරිකා ජෙල් තේ හැදි 1 ක් සමඟ Green Tea හැදි 1 ක් මිශ්ර කරන්න
- සම මත ආලේප කර විනාඩි 25-30 ක් තබන්න
- ඉන්පසු සීතල පිරිසිදු ජලයෙන් සෝදා හරින්න
7. කෙසෙල් සහ ඕට් Face Mask
වට්ටෝරුව:
- ඕට් මේස හැදි 1 ක් කෙසෙල් කුඩා කැබැල්ලක් සමඟ මිශ්ර කරන්න
- එය සම මත ආලේප කර විනාඩි 20 ක් තබන්න
- පිරිසිදු, උණුසුම් ජලයෙන් සෝදා හරින්න