බොහෝ අවස්ථාවල අනියම් සම්බන්ධකම් පවත්වන හුඟක් පිරිමි විවාහ ජීවිතය සාර්ථක ලෙස පවත්වාගෙන යනවා ඔබ දැක ඇතියි. ඇතැමුන් ජීවිතය කාලය පුරාම මේ දෙබඩි ජීවිතය කිසි අයෙකුට නොහැඟෙන, නොදැනෙන සේ පවත්වා ගෙන යන්නට සමත් වෙනවා. ඉතින් අපි අද ඔබව දැනුවත් කිරීමට සුදානම් වන්නේ මනෝ විද්‍යාඥයින් පවසන ආකාරයට මෙලෙස අනියම් සම්බන්ධතා පවත්වාගෙන යන පිරිමි විවාහය අත් නොහරින්නට හේතු පිළිබඳවයි.
1.දරුවන් සහ දේපළ සම්බන්ධ ප්‍රශ්න නිසා
ඇතැම් වෙලාවට අනියම් සම්බන්ධතා පවත්වන පිරිමි විවාහයෙන් ඉවත් වී යන්නට කැමති වුණත් දරුවන්ට සිදුවන හානිය නිසා එයින් වැලකී ඉන්නවා. බිරිඳට නැතත් ඔහු දරුවන්ට ආදරය කරනවා. නමුත් ඔහු හිතන්නේ නැහැ ඔහුගේ අනියම් සම්බන්ධය හෙළි වූ දිනෙක දරුවන්ට මුහුණපාන්නට වෙන අපහසුකම් ගැන. එහෙමත් නැත්නම් බිරිඳ සමඟ ගත් හවුල් නිවාස ණය හෝ දේපළ හිමිකම් වැනි කාරණා නිසා ඔහු විවාහයේ රැඳී ඉන්නවා වෙන්නට පුළුවන්.
2.නිවසේ ඇති සුවදායක පරිසරය නිසා
ඇතැමුන් අනියම් සම්බන්ධතා පවත්වා ගෙන යන්නේ බිරිඳගේ හෝ ගෙදර ඇති ප්‍රශ්න නිසා හෝ අමිහිරි බව නිසා නොව විනෝදය සඳහායි. ඔහුට බිරිඳ හා ඔහු විවාහ ජීවිතය ගත කරන නිවස තරම් සොඳුරු තැනක් තවත් නැති බව ඔහු හොඳින්ම දන්නවා. තම බිරිඳ නොමැතිව එවැනි සැපසම්පත් ජීවිතයක් ඔහුට නොලැබෙන බවත් ඔහු දන්නවා.
3.ඔහුට කෙටිකාලීනව සතුටක් වුවමනා වීම
බොහෝ වෙලාවට අනියම් ඇසුරු පවත්වන සැමියන් ඒ සම්බන්ධතා ගැන බිරිඳට හසු නොවෙන්නට වගබලා ගන්නවා. මොකද ඔහු කැමති නැහැ බිරිඳගේ හිත ඔහුගේ අකටයුතුකම් නිසා රිද්දන්නට. ඔහු දන්නවා ඔහු කරන්නේ බරපතල වරදක් බව. නමුත් පවුල් ජීවිතේදී ඇති නොනවතින වැඩ නිසා ඔහුට අවශ්‍ය මානසික තෘප්තිය නොලැබෙන නිසා කෙටි කාලීනව මනස සතුටු කරන්නට එවැනි දේවල් වලට යොමු වන්නට පුළුවන්. නමුත් ඔහුගේ සැබෑ ආදර හිමි වන්නේ බිරිඳටයි.
4.අවසානයේ බිරිඳගේ වටිනාකම වැටහීම
බොහෝ සැමියන් කාන්තාවන් හුඟක් ඇසුරු කරාට පස්සේ තේරුම් ගන්නවා බිරිඳ තරම් කිසිම ගැහැනියක් ඔහුට ආදරය නොකරන බව. ඒ නිසා ඔහු විවාහය රැක ගැනීමට වගබලා ගන්නවා. මෙවැනි අවස්ථා වලදී බිරිඳට ඇති ආදරය තව තවත් වැඩි වෙනවා වගේම බිරිඳගේ යහපත් ගති ගුණ දකිද්දී ඇතැම් විට ඔහු වරදින් සදහටම මිදෙනවා.
5.සමාජයෙන් එල්ල වන අපකීර්තියට අකැමති නිසා
අනියම් ඇසුරු පවත්වාගෙන යන ඇතැම් පිරිමින් කැමති නැහැ දික්කසාදය නිසා ඔහුගේ ප්‍රතිරූපයට ඉන් හානි කරගන්න. ඒ වගේම නෑදෑ හිත මිතුරන්ගෙන් එල්ල වන පීඩනයටත් ඔහු බියක් දක්වනවා. දික්කසාද වීම ලාංකීය සමාජය තුළ සැලකෙන්නේ දරුණු අපරාදයක් නිසයි. ඉතින් මේ හේතු නිසා බිරිඳට වංචා කරමින් ඔහු දිගින් දිගටම විවාහයේ රැඳී ඉන්නට කටයුතු කරනවා.