latest articles

අධික මස් පරිභෝජනය නිසා ශරීරයට සිදුවිය හැකි හානි 5ක්

සිරුරට හිතකර සත්ව ප්‍රෝටීන් සහා වෙනත් හිතකර පෝෂක ‍රැසක් මස් මාංශ පරිභෝජනය නිසා ලබා ගත හැකි වුනත් ප්‍රමාණය ඉක්මවා පරිභෝජනය කිරීම කිසිසේත්ම සුදුසු නැත. ඇතැම් පුද්ගලයන්ට මස් අනුභව කිරීමෙන් පසු ඒවා ජීර්ණය කරගත නොහැකිව පීඩා විඳිමට සිදුවෙනවා. එමෙන්ම අධික මස් පරිභෝජනය සෞඛ්‍යයට ඉතාම අහිතකරයි. ඉතින් එවැනි මස් මාංශ අධි පරිභෝජන පුරුදු නිසා ඔබේ සිරුරට ඇතිවිය හැකි හානි හා අවදානම් පිළිබඳව තමයි අපි මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ.

1.මුඛයේ දුර්ගන්ධය ඇති කරයි

අධික ප්‍රෝටීන් හා මේද අඩංගු වුවද කාබෝහයිඩ්‍රේට් අඩංගු නොවන නිසා මස් පරිභෝජනය කිරීමේදි සිරුරේ කීටෝන නිෂ්පාදනය වේ. ඒවා ඇසිටෝන් වල ගන්ධයට සමාන වන අතර ප්‍රාශ්වාස කිරීමේ දී ඒවා පිටතට මුදාහැරේ. එබැවින් මාංශ ආහාර වලට වඩා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වැඩිපුර ආහාර වේලකට දායක කරගන්න.

2.මලබද්ධය ඇතිවීම​

මාංශ ආහාර වල බොහෝ ප්‍රෝටීන් අන්තරග්ත වුවත් තන්තු පෝෂක එතරම් අඩංගු නැති නිසා මලබද්ධය හා වේදනාකාරී බඩවැල් ක්‍රියාකාරීත්වයන් ඇතිවිය හැකියි. මලබද්ධය සිරුරට ලැබෙන තන්තු පෝෂණය අවම බවට ඉඟි සපයයි. ජීර්ණක තන්තු සිරුරට ලැබෙන්නේ එළවලු හා පලතුරු මෙන්ම ධාන්‍ය පරිභෝජනයෙන් බැවින් පලතුරු හා එලවලු සලාද වර්ග ආහාරයට ගැනීම ඉතාමත් උචිතය.

3.විජලනයට ලක්වීම​

ඕනෑම විෂ අපද්‍රව්‍යයක් වුව බැහැර කරවීමේ ක්‍රියාවලිය සඳහා උදාසීන කරවීමට වකුගඩු සඳහා හොඳින් ජලය අවශ්‍ය වෙනවා. නමුත් අධික මාංශ පරිභෝජනය නිසා ශරීරයේ අතිරික්ත යූරික් අම්ල ප්‍රමාණයක එතිවීම නිසා අසාමාන්‍ය ලෙස සිරුරට පිපාසය ඇතිවේ.  ඒ නිසා ඔබ හොඳින් ජලය පානය කිරීමට අමතක නො,,කරන්න.

4.වකුගඩු වල ගල් හට ගැනීම​

සත්ව ප්‍රෝටීන් වල පියුරයින් නම් සංඝටක රාශියක් අන්තරගත වන අතර ඒවා යූරික් අම්ල බවට ඛණ්ඩනය වේ. මෙම අම්ල සිරුරේ අධිකව ඇතිවීමෙන් වකුගඩු ආශ්‍රිතව ගල් හටගැනීමේ අවදානම වැඩි කරයි. මෙම අවදානම අවම කරගැනීමට නම් මස් මාංශ පරිභෝජනය හැකිතාක් සීමා කරමින් දිනකට හොඳින් ජලය පානය කළ යුතුයි.

5.හෘදය ආශ්‍රිත ගැටලු ඇතිවීම​

ඔබේ හෘදසෞඛ්‍යය ආරක්‍ෂා කිරීමට තන්තු පෝෂක බහුල ආහාර පරිභෝජනය කිරීම උපකාරී වුවද ඔබ වැඩිපුර ආහාරයට ගන්නේ මස් ආහාර නම් තන්තු පෝෂක හිඟ වේ. එපමණක් නොව රතු මස් වර්ග විශේෂයෙන්ම හෘද සෞඛ්‍යයට එතරම් හිතකර නැති බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් හෘද රෝග වැලඳීමේ අවදානම තෙගුණයකින් ඉහළ යයි.  ඊට හේතුව වන්නේ ඒවායේ සංතෘප්ත මේද රාශියක් අන්තර්ගත වීමයි.