latest articles

අතරමං නොවී පිටකොටු යන හරි පාර මෙන්න

අපිට ඕනෙම බඩුවක් අඩුවට ගන්න ඕන වුණහම ඉක්මනටම මතක් වෙන්නෙ පිටකොටුව. හැබැයි පිටකොටුවෙ යනවනම් අවශ්‍ය බඩු තියන තැන් ගැන හරියටම දැනගන්න ඕනේ මොකද පිටකොටුව කියන්න ලොකු ඒරියා එකක් ඉතින් අද අපි හිතුවා පිටකොටුවෙ බඩු තියෙන තැන් ගැන short and sweet ඔයාලට හඳුන්වලා දෙන්න.

1 පළමු හරස් විදිය
ජංගම දුරකථන mobile phone උපාංග වගේ දේවල් ගන්න ඕනේ නම් ඔයා යන්න ඕනි මෙහෙට.

2 main street සහ දෙවැනි හරස් වීදිය

රෙදිපිළි කර්මාන්තයට අදාළ සෑම දෙයක්ම විශේෂයෙන්ම සාරි සහ සල්වාරි ආදී මේ විදිවලින් පහසුවෙන්ම හොයාගන්න පුළුවන් ටිකක් high class සාරි වේදින් සාරි වගේ දේවල් main street එකේ ලොකු කඩවල් වලින් මිලදී ගන්න පුළුවන්.

3 මැලිබන් විදිය

Wedding card සහ cake box ගන්න නම් පිටකොටුවෙ මැලිබන් වීදිය ඇර වෙන තැනක් නෑ. අපිට ඕනේ මෝස්තරයක් සහිතව කාඩ් සහ බොක්ස ආදිය හදාගන්න පුළුවන්. ඉතින් ඔයත් වෙඩින් එකක් ගන්න කෙනෙක් නම් මේ තැන අමතක කරන්න එපා.

4 හෙට්ටි විදිය

හෙට්ටිවීදිය කියන්නේ රත්තරන් වලට ම වෙන් වුණ වීදියක්.ඔන්න ඉතින් ඔයාගේ වෙඩින් එක ළඟ ළඟම එනවා නම් අවශ්‍ය රත්තරන් බඩු ගන්න යනකොට හෙට්ටි විදියත් මතක තියාගන්න.

5 හතරවන හරස් වීදිය සහ 5 වන හරස් විදිය

දුසිම් ගණන් තොග ආහාර අලෙවි කරන තොග වෙළද සැල්වල වීදියේ ඔබට සොයාගන්න පුළුවන්.
උදේ වරුවෙ නම් තොග වෙලදුන් නිසා මෙම වීදිය දැඩි කළබලකාරී වාතාවරණයක් ගන්නවා.

6 මල්වත්ත පාර

සපත්තු ,ලෙදර් බෑග් , සංචාරක බෑග් සහ සීඩී-ඩීවීඩී කැසට් පට ගන්න ඕනේ නම් ඔයා යන්න ඕනේ මල්වත්ත පාරට.

7 චීන විදිය

පිටකොටුවෙන් ටිකක් එහාට වෙන තිබෙන මෙම වීදිය පිටකොටුවෙ අනෙක් වීදි තරම් ජනාකීර්ණ නැහැ. උත්සව සදහා අවශ්‍ය විසිතුරු සැරසිරි විසිතුරු භාණ්ඩ පොලිතින් ආදිය මිලදී ගන්න මෙම විදියට එන්න.

8 රෝහිණි පළමු හරස් පටුමග සහ කොසාල පටුමග

ඔබට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය කඩදාසි වර්ග ආදිය සොයා ගන්න නම් ඔබ යා යුත්තේ මෙම රෝහිණි හරස් පටුමග ට හෝ කොසාල පටුමගටයි.

9 බෑන්ක්ෂොල් විදිය

කලාකරුවන්ට අවශ්‍ය වන කලා සහ ශිල්පීය ද්‍රව්‍ය අලෙවි කරන තැන් සොයාගන්න නම් මෙම වීදියට පැමිණිය යුතුය. ඒ වගේම ප්ලාස්ටික් මල් සහ ඖෂධ වර්ග රසායනික ද්‍රව්‍ය ආදියත් මෙම විදියෙන් හොයාගන්න පුළුවන්.

10 ගැබෝස් පටුමග සහ වෙල්ස් විදිය

කේක් නිර්මාණයට අවශ්‍ය ද්‍රව්‍ය අමුද්‍රව්‍ය, කේක් බඳුන් ,කේක් අච්චු වැනි උපකරණ ඔබට මෙම වීදිය ලබාගන්න පුළුවන්.

ඉතින් ඔයා පිටකොටුවෙ යන ඉන්න කෙනෙක් නම් පිටකොටුව ගැන අවබෝධයක් නොමැති කෙනෙක් නම් මෙම ලිපියෙන් ඔයාට පිටකොටුවෙ වීදි ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියල මම හිතනවා.